kekirawa-incident

රජරට ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබන බාල වයස්කාර සිසුවියන් හය දෙනකු ලිංගික අපයෝජනයකට ලක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධ යෙන් එම පාසලේ ක්‍රීඩා පුහුණු උපදේශකවරයකු අත්අඩංගුවට ගැනීමට කැකිරාව පොලීසිය පරීක්ෂණ පවත්වයි. මෙම ලිංගික අපයෝජනයකට ලක්වී ඇතැයි කියන්නේ, අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන සිසුවියන් හය දෙදෙනෙකි.



කැකිරාව පොලීසියට ලැබුණු තොරතුරක් මත මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා ඇති අතර, ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන බාල වයස්කාර සිසුවියන් හය දෙනා හඳුනාගෙන, එම සිසුවියන්ගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.  මෙම සිසුවියන් හය දෙනාගෙන් ලබාගත් ප්‍රකාශ අනුව, එම සිසුවියන්ව ක්‍රීඩා පුහුණු උපදේශකවරයා ලිංගික අපයෝජනවලට ලක්කර ඇති බවට තොරතුරු හෙළි විණි යැයි පොලීසිය සඳහන් කරයි.මෙම සිසුවියන් හය දෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු යොදා ඇත.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය