මීට වසර 11කට පෙර ලුණුගම්වෙහෙර, උනාතුවැව ප්රදේශයේදී 12 හැවිරිදි පාසල් සිසුවියක ඝාතය කිරීමේ වරදට වරදකරු වූ පුද්ගලයෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා පෙරේදා (31දා) මරණීය දණ්ඩය නියම කළේය.
බිසෝකොටුව, කොළඹගෙආර, උඩවලව පදිංචි සංජීව රාජපක්ෂ (44) නමැත්තෙකුට මෙසේ මරණ දඩුවම නියම කෙරිණි. චූදිත 2011.05.30 වැනිදා ලුණුගම්වෙහෙර උනාතුවැව ප්රදේශයේදී මෙම ඝාතනය සිදුකර ඇත්තේ බිරිද සමග ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙනි. චූදිත අදාළ සිසුවියගේ අක්කාගේ සැමියා බවත් එදින ඇය පාසල් නොගොස් නිවසේ සිට ඇති අතර ඇගේ මව වෙනත් කටයුත්තකට තංගල්ල ප්රදේශයට ගොස් සිටි අවස්ථාවේ තියුණු ආයුධයකින් ඇණ මෙම ඝාතනය සිදු කර ඇති බවට මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත. හම්බන්තොට මහාධිකරණ විනිසුරුතුමන් චූදිතට එරෙහිව නගා තිබූ චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව විවෘත අධිකරණයේදී ප්රකාශයට පත් කරමින් චූදිතට මරණීය දණ්ඩණය නියම කළේය.
අදාළ දඩුවම ක්රියාත්මක කරන තෙක් චූදිත වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙස මහේස්ත්රාත්වරයා විසින් අගුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කරන ලදී. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ නිමංක ජයවික්රම මහතා පැමිණිල්ල මෙහෙය වීය.
(සූරියවැව නුවන් ජයසේකර)
0 Comments