මාතලේ සුජාතා විද්‍යාලයේ ක්‍රීඩිකාවන් පිරිසක් පිළිගැනීමේ උත්සවයක් අතරතුර රෝගී වූ සිසුවියන් හතළිස් පස් දෙනකු මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඊයේ (15දා) ඇතුළත් කර තිබේ.
ක්ලාන්තය හා ශ්වසන අපහසුතාවලට ලක්ව මෙම සිසුවියන් රෝහල්ගත කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැති පාසල් වොලිබෝල් තරගාවලියකින් ජයගත් මෙම විද්‍යාලයේ ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සවයක් ඊයේ (15දා) උදෑසන සංවිධානය කර තිබිණි. මෙම තරගාවලියට සහභාගි වූ සිසුවියන් කිහිප දෙනකුම පෙරේදා උණ සහ ශ්වසන අපහසුතාවලට ලක්ව වෛද්‍ය ප්‍රතිකාරගෙන ඇති අතර ඊයේ දින රෝගී තත්ත්වයට පත්වූ සිසුවියන් අතරින් බොහෝ දෙනකුම වෙන්නප්පුවේ පැවැති පාසල් වොලිබෝල් තරගාවලියට සහභාගී වී තිබේ.
මේ සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් මහ රෝහල් අධ්යක්ෂ වයි.එම්.එස්. යාපාගෙන් කළ විමසීමකදී කියා වයස අවුරුදු 12ත් 15ත් අතර සිසුවියන් පිරිසක් ඇතිවූ සංකුලතාවක් හේතුවෙන් මෙලෙස රෝහල්ගතකර තිබෙන බවය. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද ඔහු කීවේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාතලේ මූලස්ථාන පොලිසිය හා මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
0 Comments