තමන් ජීවත්වන රටේ ඇතිවන ආර්ථික අස්ථාවරත්වය, සමාජ තත්වයේ බිදවැටීම්, කාලගුණික හා දේශගුණික වශයෙන් ඇතිවන අහිතකර තත්වයත් ආදී නොයෙකුත් හේතු නිසා මිනිසුන් රැකියාව සඳහා තාවකාලිකව හෝ පදිංචියට විදේශගත වීම අදහස්කළ හැකිය.
එසේම තවත් සමහරක් අධ්‍යාපනය සදහාද විදේශගත වීම සිදුකරයි. ලංකාවේ අප මුහුණ දෙන ආර්ථික අස්ථාවරත්වය හමුවේ කිසිම අයකුම විදේශගත වීමට යම් උත්සාහයක යෙදෙයි. ඒ සදහා තමන් යෙදෙන වෘත්තිය හාත්පසින්ම වෙනස් ක්ෂේත්‍ර, තමන් මෙතෙක් ප්‍රගුණ නොකළ භාෂාවන් ප්‍රගුණ කිරීම ආදී කටයුතුවලද යෙදෙන්නට පිරිස් උත්සාහ කරයි. ඒ වෙනුවෙන් වූ පුහුණු කිරිමේ ආයතනද,
සම්පත්දායකයන් පිරිසක්ද මේ වන විට සකස් වී තිබෙයි. වෙන කාලය නැතැයි කියමින් රැකියාවේ කටයුතුවල පමණක් යෙදුණු බොහෝ පිරිසක් වර්තමානයේ මෙකී කටයුතු සඳහා කාලය කළමනාකරණය කරගෙන කටයුතු කරනුද පෙනේ. රටේ ජීවත්වෙත්න අපහසුම තැනට ආපසු මෙවැනි ප්‍රවණතාවකට ශ්‍රී ලාංකිකයන් යොමු වූයේ ඇයි යන්න ගැන ආපසු හැරී බැලීමකි මේ. ඒ පිළිබදව අදහස් දැක්වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලය කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කල්පනා අඹේපිටිය.
රාමුවකට සීමා වීම
තමන්ගේ පෞද්ගලික කාරණයාවේ සිට රටේ ප්‍රධාන කාරණා දක්වා යන විට, යමක් විමසා බලා, සොයා බලා තීරණ ගන්නට මෙරටවාසීන් අතර පුරුද්දක් නැති තත්වයක් දැකගත හැකිය. ඒ නිසාම ප්‍රශ්නයක් දෙස විවිධ මානයන් ඔස්සේ බැලීමට හැකියාවක් අප තුළ ගොඩනැගී නැත. ප්‍රශ්නයකට විසදුම් විවිධ මානයන් ඔස්සේ බැලීමට පුරුදු වූ සමාජයකට යමක් වීමට කලින්, එය වටහාගෙන ඒසදහා කුමක් කල යුතුද යන අවබෝධය ඇතිව කටයුතු කිරිමට හැකියාවක් නිතැතින් ලැබෙයි. මෙකී පුරුද්ද නොමැතිකම හා නුහුරුව නිසා මේ වනවිට පෞද්ගලික වශයෙන් එක් එක් පිරිස් මෙන්ම සමස්තයක් වශයෙන් සම්පුර්ණ රටම යම් අර්බුදයකට තල්ලු වී තිබේ. මෙම ප්‍රශ්නය ආරම්භය සිදුවන්නේ කොතැනද යන්න සොයා බැලීමේදී පවුල යන සමාජයකුඩාම ඒකකය දෙස අවධානය යොමු වෙයි. දෙදෙනෙක් විවාහ වීමෙන් පසු මෙරට අතිබහුතරයක් දරුවෙකු හදන්නේ සැලසුමකින් තොරවය. තමන්ගේ ආර්ථික ස්ථාවරත්වය හෝ දරුවෙක් වෙනුවෙන් වියදම් කරන්නට තමන් සූදානම්ද යන්න පිළිබදවත් ඔවුන්ට අදහසක් තිබුණේද යන්න සැක සහිතය. හොදම උදාහරණය ලෙස පසුගිය කෝවිඩ් වසංගතය හමුවේ රැකියා අහිමිවීම්, ආර්ථික කඩාවැටීම්වලට මුහුණ දෙන පවුල්වලින් දරුවන් ඇති වීම දැක්විය හැකිය. මෙයින් පෙන්නුම් වන්නේ මිනිසුන් ප්‍රායෝගික ජීවිතයට අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ නොවන බවයි.එම කුඩා වයසේදී ළමුන්ට නිදහසේ පරිසරය හා ගැටී නව නිර්මාණ සදහා අවස්ථාව සලස්වා දුන්නද. විභාගයට මුහුණදෙන පරිසරයකට ළමයා වැටුණු දාපටන් සිදුවන්නේ නිදහස්ව වැඩුණු දරුවා කොටු කරලා ළමා මනස උදුරා දමා බලහත්කාරකමින් ළමයාගේ මනසට ඇතුළු කිරීමයි. මෙයින් පසු බිහිවන පුද්ගලයා එක් රාමුවකට අනුව හැදීවැඩිහිටි වයසට එනවිටද එකී රාමුවටම කටයුතු කරනු ලබයි.
මේ ඒ හේතුව නිසා සිදුවන්නේ වැඩිහිටියෙකු ලෙසද රාමුවක සිරවීමය. ඉන්පසු ඉන් එහා දෙයක් සිතීමට නොහැකි තැනට වැටී රටේ යම් අර්බුදයක් නිර්මාණය වූ තැන එකම විසදුම රටෙන් පැන යෑම බවට පත්වෙයි. එවැනි අවස්ථාවක තමන්ට තමන් කවුද යන්න පවා අදහස් කරගැනීමට ඔවුන්ට නොහැකි වෙයි. මන්දයත් මෙවැනි අවස්ථාවක තමන් කුමක් කල යුතුද යන්න පවා හිතා ගැනීමට තරම් මිනිසුන්ගේ චින්තනය දියුණු කර නොමැති බැවිණි.
ඉන්න තැනෙන් පහළට වැටීම
මෙලෙස ප්‍රශ්නය පලායනවිට බොහෝ දෙනා තමා ඉන්න අඩියෙන් අඩියක් හෝ පහළට වැටෙන තත්වයක් පෙන්නුම් කරයි. එයට හොදම උදාහරණය ලෙස මෙරටඉහළ ස්ථරයේයි සැලකෙන රැකියාවන් වල නිරත වූ අය විදෙස්ගත වන්නේ, තමත් දැරු ස්ථරයන් කිහිපයක්ම පහළ රැකියාවට වීම දැක්විය හැකිය. මෙයින් රැකියා පහත් කිරීමක් අදහස් නොකරන අතරම, යමෙක් මෙම තීරණයට අවතීර්ණ වීමේදී තමන් සිටින තත්වයෙන් පහලට වැටිය යුතුද යන්න කල්පනා කිරීම පමණක් අපේක්ෂා කෙරේ. මෙවැනි තීරණයක් යමෙක් ගන්නේනම්, ඒ මුදල් නිසාම විය යුතුය. විදෙස්ගතව රැකියාවක් කිරීම ඉතා හොද දෙයකි. එයින් ලබන දැනුම යළි මෙරටට යෙදවීම මේ අවස්ථාවේ ඉතාම හොද ප්‍රවණතාවක් ලෙස දැක්විය යුතුය. නමුත් අප රටේ පවතින වත්මන් තත්ත්වය අනුව මෙලෙස විදෙස්ගත වන අය යළි මවුරටට පැමිණේද යන්න අවිනිශ්චිතය. එසේ නොමැතිව තමන්ගේ මට්ටම් රැකියාවක් සඳහා විදෙස්ගත වීම, යම් අධ්‍යාපනික දියුණුවක් සදහා වියදස්ගතවීමට උනන්දු කළ යුතු දෙයකි. මන්දයත් මෙලස විදෙස්ගත වන අය ලබා එන නිපුණතාව අපරටට ඉතාම වැදගත් වන බැවිනි. ඒ නිසාම තමා යෙදී සිටින වෘත්තියන් සම්පූර්ණයෙන්ම ගැලවී තමන් නොදන්නා වෘත්තියකට විදෙස්ගත වීමෙන් තමන්ට අනාගත ඵලක් නොවනු ඇත. මේ දිනවල මෙරට ඉහළ පෙළේ තනතුරුවල සිටින අය පවා සාත්තු සේවා සඳහා විදෙස්ගත වීමේ ප්‍රවණතාවක් ඇත. මෙහිදී සිතා බැලිය යුතු දෙයක් වන්නේ තමන් ප්‍රගුණ කළ දෙයින් බැහැරව තමන් ප්‍රවේශ වන්නට යන මේ අලුත් ක්ෂේත්‍රයේ රැකියාවත් තමන්ට තෘප්තියක් ලැබිය හැකිද? ලැබෙන්නේ ආදායම පමණමද? යන කාරණය. මන්දයත් රැකියාවක නිරත වීමෙන් මුදලම පමණක් මිනිසුන් අපේක්ෂා නොකරන බැවිනි. එසේම යමෙක් තමන් නිරත වත ක්ෂේත්‍රයට පරිබාහිර රැකියාවකට විදෙස්ගතව අවුරුදු කිහිපයකින් යළි මව්රටට පැමිණෙන විට, තමන් නිරත වූ ක්ෂේත්‍රයේ නිපුණතාව (CARRIER DEVELOPMENT ) අහිමි වී තිබිය හැකිය. ඒ අනුව යාවත්කාලීන නොවූ වෘත්තිකයෙක් බවට එම පුද්ගලයා පත්වී සිටිය හැකිය. තමන්ගේ පරම සුදුසුකම්වලට පෙර නිරත වූ රැකියාව එම පුද්ගලයාට අහිම් විය හැකිය. ඒ අනුව මෙකී තීරණ තමන්ට කරගන්නා ලොකුම හානියක් විය හැකිය. තමන්ගේ අනාගතය සුරක්ෂිත වන අයුරින් තමන්ගේ රැකියාව වැඩිදියුණු කරගත හැකි හෝ තමන්ගේ ජීවිතය තවත් පියවරක් හෝ පියවර කිහිපයක් ඉදිරියට යාහැකි අයුරින් වන තීරණයක් ගෙන විදගත වීම මෙම කාලයේ ඉතාම නුවණක්කාර තීරණයකි.
ඉගෙන ගන්නා වයස් සීමාවක් මෙරට සමාජය සැකසී ඇත්තේ අවුරුදු 30ට ඉගෙන ගන්නා සියල්ල ඉගෙන ගෙන, පශ්චාත් උපාධියක් හෝ වෙනත් ඉහළම විභාගය සමත් විය යුතුය යන රාමුවකට සිරවීය. මේ නිසාම බොහෝ දෙනා රැකියාවක නිරතවෙද්දි තමන්ගේ අධයාපන කටයුතුවල නිරත වීම අපේක්ෂා නොකරයි. වෙනත් රටවල උසස් අධ්‍යාපන කටයුතුවල පවා දරුවන් නියලෙන්නේ අර්ධකාලීන රැකියාවල යෙදෙමිනි. නමුත් අපේ රටේ මේ තත්වය වෙනස්වී ඉගනීම කාලසීමාවකට සීමා කර තිබෙයි. කසාද බැද දරුවන් හැදුණු පසු අධ්‍යාපනයේ නිරත වන්නට බොහෝ දෙනා අපේක්ෂා නොකරයි. මේ හේතුව නිසා එක තැන තමන්ට පහසු තැන රැදී සිටි අය අර්බුදය හමුවී තමන් ඉන්නා තත්වය ගැන සිහි එළවාගෙන ඇත. ඒ නිසාම නින්දේ සිට අවදිවූවන් සේ විවිධ දේවල් ඉගෙන ගැනීමට කාලය වෙන් කර ගනී. මෙහිදී ද තමන් වෘත්තියෙන් ඉහළට යාමට හැකි දෙයක් ඉගෙනගෙන, අලුත් අවස්ථාවන් පාවිච්චි කර, තමන්ගේ ආදායම් ඉහළ දමා ගැනීමට කටයුතු කරන්නේ නම්, එය ඵලදායීවනු ඇත. එය මේ අර්බුදය හමුවේ සිදුකළ යුතුම දෙයකි.
ලබා දිය යුතු අවස්ථාවන්
මෙරට සෑම දෙයම රාමුවකට කොටු වී තිඛෙන නිසා, එම රාමුව පිටතට සිතන අය බොහෝ අඩුය. හොදම උදාහරණය වන්නේ නිදහසේ රැකියාවක නිරතවීමට තමන්ගේ සේවකයාට අවස්ථාව දෙන ආයතන රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම දැකගැනීමට නොහැකි වීමය. එය ඇදුම් සිට සේවයට පැමිණීම් හා සේවය යෙදීම් කාලසීමාවද සීමා කර, නීති පනවා තිබීමත් පැහැදිලි වේ. නමුත් වන රටවල සේවකයන්ට නිදහසේ සේවයේ යෙදීමට අවස්ථාව ලබා දී ඔවුන්ගේ සේවාව එලදායීතාව මනිනු ලබයි. විශේෂයෙන් පැය 8ක සේවයේ යෙදීම නොව පවරන වැඩකටයුතු ඵලදායීව නිම කරයිද ය මනිනු ලබන අතර, ඒ අනුව අදාළ උසස්වීම් පවා ලබාදීම සිදුකරයි. එමෙන්ම විදේශ රටවල බොහෝ විධායක ශ්‍රේණියේ රැකියාවන්හී නිරතවන පුද්ගලයන් සේවා කාලයෙන් පසු අර්ධකාලීන රැකියාවන්හී නිරත වී. රියැදුරු රැකියා, ඩිලිවරිරැකියාද ඒ අතර වේ. මේවා ඔවුන්ගේ ආත්මාභිමානයට ඔවුන් බාධාවක් කර නොගනී. එවැනි සිතිවිලි මෙරට පුද්ගලයන් අතරද ඇතිවිය යුතුය.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කල්පනා අඹේපිටිය
(සටහන - නදීශානි පතිරණ)
0 Comments