මුතුරාජා හස්තියා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ තබා රැක බලා ගැනීමට තීරණය කර ඇති බැවින් එම හස්තියා නැවත තායිලන්තයට රැගෙන යාමට කටයුතු නොකරන ලෙස ඉල්ලා මෙරට තායිලන්ත තානාපතිවරයා සමග සාකච්ඡා කිරීමට වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ. ඒ අනුව ඊට අදාළ පියවර ගන්නා ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාතයංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට අමාත්‍යවරයා විසින් ඊයේ (16දා) දින උපදෙස් ලබාදී ඇත.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙත පරිත්‍යාගයක් ලෙස තායිලන්තය විසින් මුතුරාජා හස්තියා ලබාදී තිබූ අතර, අනතුරුව ඇය එම සත්ත්වයා අලුත්ගම කන්දේ විහාරස්ථානය වෙත භාරදීමට පියවර ගෙන තිබිණි.කෙසේ වුවද හස්තියා භාරව කටයුතු කළ ඇත්ගොව්වාගේ අනිසි හැසිම මත හස්තියා හිංසනයට පත්ව ඇති බවට අනාවරණය වීම හේතුවෙන් මෙරට තායිලන්ත තානාපතිවරයා විසින් මුතුරාජා හස්තියා කන්දේ විහාරස්ථානයෙන් රැගෙන විත් දෙහිවල සත්වෝද්‍යානය භාරයට පත් කර තිබිණි.මේ අතර මුතුරාජා හස්තියා නැවත තායිලන්තයට රැගෙන යාමට තානාපතිවරයා තීරණය කර ඇති බවට වාර්තා වීමෙන් අනතුරුව හස්තියා මෙරට රඳවා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ අමාතයංශ ලේකම්වරිය අතර ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, දෙහිවල සත්වෝද්‍යානයේ කාර්යමණ්ඩල සත්කාර මධ්‍යයේ හස්තියා මේ වනවිට ආරක්ෂිතව පසුවන බවයි.
(නිදර්ශනී වික්‍රමසිංහ)
0 Comments