ලෝක කුසලාන විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ පෙරලිකාර කණ්ඩායමක් බවට පත්වෙමින් අවසන් පූර්වවටයට පිවිසීමට පාකිස්ථානය සමත්විය. ඒ අද බංග්ලාදේශය සමගින් පැවති තරගයේ ජය කඩුළු 5 කින් හිමිකර ගනිමිනි.
ඇඩිලේඩ් හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය
පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 127 ක් රැස් කළ අතර පාකිස්ථානය පන්දුවාර 18.1 ක් අවසානයේ කඩුළු 5 ක් දැවී නියමිත ඉලක්කය පසුකර ගියේය.
ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් ලකුණු 32 ක්ද මොහොමඩ් රිස්වාන් පන්දු 18 කදී ලකුණු 31ක්ද රැස් කළහ.
මේ අතර නෙදර්ලන්තය හමුවේ ලකුණු 13 කින් පරාජයට පත්වූ දකුණු අප්රිකාවට මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට ගමන් කිරිමට තිබූ අවසන් අවස්ථාව අහිමි කරගත්තේය.
සුපිරි 12 වටය අද ඉන්දියාව හා සිම්බාබ්වේ අතර තරගය සමග අවසන් වන අතර කෙසේ වෙතත් පකිස්තාන තරග ජය සමග තේරී පත්කිරීම් තීන්දු සියල්ල අවසන්ව ඇත.
මේ අනුව කාණ්ඩ අංක 2 න් ඉන්දියාව හා පකිස්තානයද කාණ්ඩ අංක එකින් නවසීලන්තය හා එංගලන්තයද අවසන් පූර්ව වටය සඳහා තේරීපත්වී ඇත.
ඒ අනුව ඉදිරි තරග මෙසේ පැවැත්වේ. පළමු අවසන් පූර්ව තරගය 9 බදාදා සිඩ්නිහිදී
දෙවන අවසන් පූර්ව තරගය 10 බ්රහස්පතින්දා ඇඩිලේඩ්හිදී
තේරී පත්ව ඇති රටවල් - නවසීලන්තය - පකිස්තානය - එංගලන්තය - ඉන්දියාව
( අද සිම්බාබ්වේ තරගය ජයගතහොත් ඉන්දියාවට අවසන් පූර්ව වටයේදී එංගලන්තය හමුවන අතර අද පැරදුණොත් නවසීලන්තය වැටේ- ඉන්දියාව සිම්බාබ්වේ පැරදුවොත් පකිස්තානයට නවසීලන්තය හමුවෙන අතර ඉන්දියාව පැරදුනොත් පකිස්තානයට එංගලන්තය හමුවේ)
අවසන් තරගය
13 ඉරිදා මෙල්බන්හිදි
(අවසන් පූර්ව තරග ජයගන්නා කන්ඩායම් දෙක)
0 Comments