pitigala-incident

පොලිස් අණ නොතකා පිටිගල මැවිලිය මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් පෙරේදා (9 වැනිදා) හිඹුටුගොඩ පාලම් ආරක්ෂිත අඇන්දක ගැටී එහි ගමන් ගත් කාන්තාවක මියගොස් ඇතැයි පිටිගල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ

පිටිගල, මැවිලිය, සුභගම  පදිංචි බී.බී.ඩී. චාන්දනී පුෂ්පලතා (45) නමැති දෙදරු මවක බවද පොලිසිය කියයි.  ඇය සිය ස්වාමිපුරුෂයා සමග ආරක්ෂිත හිස් වැසුම රහීතව යතුරුපැදියෙන් යමින් සිටියදී රථවාහන මෙහෙයුමක්ක නිරතව සිටි පොලිස් නිලධාරින් යතුරුපැදිය නතර කරන ලෙසට අණකොට ඇති බවත් පොලිස් අණ නොතකා ධාවනය වූ මේ යතුරුපැදිය හිඹුටුගොඩ පාලමේ ආරක්ෂිත අත් ඇන්දේ ගැටී එහි ගමන් ගත් කාන්තාව බරපතළ

තුවාල ලබා රෝහල් ගත කර සිටියදී මියගොස් ඇති බවද පොලිසිය කියයි. මියගිය කාන්තාවගේ මරණ පරික්ෂණය ඊයේ 10 වැනිදා ඇල්පිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණ. පිටිගල පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරික්ෂණ පවත්වයි.


 එම්. සුසිල් ප්‍රියන්ත