police-theft

අස්ථානගතව තිබූ ඩෙබිඩ් කාඩ් පතක් අහුලාගෙන එයින් එක්ලක්ෂ පනස් තුන්දාස් හයසිය දෙකක් වටිනා බඩු බඩුබාහිරාදිය වංචාවෙන් ලබාගත් බව කියන පොලිස් සැරයන්වරයකු පෙරේදා (30) අත්අඩංගුවට ගන්නා ලැදැයි බෙන්තොට පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කොස්ගොඩ පොලිසියේ රාජකාරියේ නිරතව සිටි 55 හැවිදිරි පොලිස් සැරයන්වරයෙකි.

ඩෙබිට් කාඩ් පතෙ අයිතිකරු තමාගේ ඩෙබිඩ් කාඩ් පත අස්ථානගත වී ඇති බවට බෙන්තොට පොලිසියට පැමිණිලි කර ඇත.මෙම පැමිණිල්ල අනුව පරික්ෂණ පවත්වා සැකකාර සැරයන් අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. බෙන්තොට පොලිසිය සැකකරු සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වාගෙන යයි.