නිසි සෞඛ්‍ය උපදෙසකින් තොරව අවිධිමත් ලෙස උපත් පාලන ඖෂධ ලබා ගැනීම් දී අවදානම් සහගත නොමේරු දරු උපත් හටගෙන එම දරු උපත ජීවිත අවදානමකට පවා ලක්ව අවාසනාවන්ත සිදුවීම්වලට පවා මුහුණ දීමට සිදු විය හැකි බැවින් එම සිදුවීම් අවම කිරීම සඳහා නිසි සෞඛ්‍ය උපදෙස්වලට අනුව උපත් පාලන ඖෂධ ලබාගැනීමට කාන්තාවන් යොමු විය යුතු බව තලංගම හදිසි මරණ පරික්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැවසුවාය. දීර්ඝ කාලීනව උපත් පාලන ඖෂධ ලබා ගනිමින් සිටිය දී හටගෙන තිබූ සති විස්සක් වයසැති නොමේරු දරු ගැබක් මියයාමෙන් අනතුරුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දුව ලබා දෙමින් අබේවර්ධන මහත්මිය කීවාය.
මෙම දරු ප්‍රසුතිය හටගෙන තිබුණේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි (42) හැවිරිදි දෙදරු මවකටය. මෙම කාන්තාව දීර්ඝ කාලයක සිට උපත් පාලන ඖෂධ ලබා ගනිමින් සිට ඇති අතර මාසික ඔසප් වීම ද කලක සිට නතර වී තිබුණි. එහෙත් මීට සති දෙකකට පමණ පෙර සුළු වශයෙන් ඔසප් වීමක් හටගෙන තිබූ නිසා ඒ පිළිබඳව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී දැනුම්වත් කර තිබුණි. එහිදී ඇය පවසා ඇත්තේ ඔසප් වීම නැවතීම සඳහා එසේ විය හැකි බැවින් සුපුරුදු පරිදි උපත් පාලන ඖෂධ දිගටම ලබා ගන්නා ලෙසය.
මේ අතරතුර දී ඇය නිවසේ නාන කාමරයේ වැටී අනතුරක් සිදුව තිබීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරනු ලැබීය. එහිදී ප්‍රතිකාර සඳහා ජංගම ඇඳක් මත වැතිර සිටිය දී මෙම කාන්තාව අධික බඩේ අමාරුවක් සෑදී ඇති බව පැවසීම නිසා ඒ සඳහා වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීමට යාමේ දී විළිරුදාවෙන් කෑගැසූ කාන්තාව එක්වරම දරු ප්‍රසූතියක් සිදු කළ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
දරු ගැබක් හටගෙන ඇති බවට මෙම කාන්තාව දැන සිට නොමැති බවත් එසේ වූ ශාරීර ලක්ෂණයක් හෝ තිබී නොමැති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ලබාදුන් සාක්කිවල සඳහන් බව හදිසි මරණ පරීක්ෂිකා ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැවසුවාය. එහිදී ඇය පවසා ඇත්තේ දිගින් දිගටම තමා උපත් පාලන ඖෂධ ලබා ගනිමින් සිට ඇති බවත් දරු ගැබක් හටගෙන ඇති බවට කිසිදු දැනුවත් වීමක් හෝ තිබී නොමැති බවය. ඒ අනුව උපත ලැබූ සති විසක් වයසැති බිලිඳු කළලය මියගොස් තිබූ අතර කාන්තාව යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසු වෙයි.
මියගිය සති විස්සක් වයසැති බිලිඳු කළලය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය තලංගම හදිසි මරණ පරික්ෂක සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය විසින් හෝමාගම මූලික රෝහලේ හදිසි මරණ පරික්ෂණ අධිකරණයේ දී සිදු කරනු ලැබීය. එහි වෛද්‍ය වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස්. නවසිවායම් මහතා විසින් ලබා දී තිබුණි. එහිදී ඉදිරිපත් වූ සාක්කි සහ වෛද්‍ය වාර්තාවට අනුව මියගිය බිලිඳාගේ මරණයට හේතුව නොමේරු දරු ගැබක් ප්‍රසූත වීම බව හදිසි මරණ පරීක්ෂකවරිය පැවසුවාය.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
0 Comments