
ජනාධිපති ලේකම් නමින් ලියාපදිංචි කළ වාහන තිස්අටක් ජනාධිපති ලේකම් කාර්යාලය හෝ ජනාධිපති මන්දිරය සතුව නොමැති බවද ඒවා නිකුත් කළ ස්ථානයක් ගැන හෝ කිසිම තොරතුරක් නැති බවද 2018 - 2019 - 2020 තුන් වසරේ සම්බන්ධයෙන් කළ විගණන වාර්තාවකින් අනාවරණය වේ. මේ අතර එම වාහන ගැන සෙවීමට පොලිසියේ සහාය ඉල්ලා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය විගණකාධිපති දෙපාර්තමේන්තුවට වාර්තා කර තිබේ.
ජනාධිපති ලේකම් නමින් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති තවත් වාහන 47ක් විවිධ ආයතනන හා පුද්ගලයන්ට නිකුත් කර ඇති බවද ඒවා මෙතෙක් නැවත පවරා ගෙන හෝ අදාළ ආයතන වෙත පවරා නැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. වාහන 27 ක් පිළිබඳ තොරතුරු සොයාගෙන ඇති නමුත් ඉතිරි වාහන විස්ස සම්බන්ධයෙන් ඉකුත් මාර්තු දක්වා තොරතුරුක් ලැබී නොමැති බවද එම වාර්තාවේ සඳහන් කර ඇත.
මෙම වාහනවලට අමතරව තවත් වාහන 14ක්ද, ජනාධිපති ලේකම් නමින් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති නමුත් ඒවා ජනාධිපති ලේකම් කාර්යාලය සතුව නැතැයි විගණන වාර්තාවේ සඳහන් වන අතර තිබෙන ස්ථාන සොයාගෙන අදාළ ආයතනයටම වරා දීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව ලේකම් කාර්යාල නිලධාරීන් ඒවා විගණනයට වාර්තා කර ඇත.
මුදිතා දයානන්ද
Comments
Post a Comment
Your comment will be visible after approval