prof-sirimal-abeyratne

ලබන වර්ෂය සඳහා මේ වන විට රජය විසින් අයවැයක් ඉදිරිපත් කර තිබේ. මේ අයවැයෙන් විවිධ ප්‍රතිපත්තිමය තීරණ රැසක් ගෙන ඇති අතර, විශේෂයෙන් රජයේ ආදායම තර කර ගැනීම සඳහා බදු ආදායම් වැඩිකර ගැනීම මෙන්ම, නිෂ්පාදන හරහා අපනයන ආදායම් වැඩිකර ගැනීම කෙරෙහිද අවධානය යොමුව තිබේ.

මෙහි පවතින සාධනීය තත්ත්වයන් හා නිශේධනීය තත්ත්වයන් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා මෙලෙස අදහස් දැක්වීය.

“අයවැය ඉදිරිපත් කිරීම හෝ එහි කතාව අනුව රටේ ආර්ථිකමය කාරණා සිදුවෙනවාට වඩා යමක් රටේ සිදුවන්නේ මේ අයවැයෙන් ඉදිරිපත් කළ දේවල් රටේ ක්‍රියාත්මක වීම හරහායි. Talking කියන එකයි working කියන එකයි ගත්තම කාරණා දෙකක්. ඒ නිසා මේ අනුව වැඩකරන එක තමයි සිදුවිය යුත්තේ. මේ අයවැයේ වැරදි ගොඩාක් තියෙන්න පුළුවන්, අඩුපාඩුත්  තිබෙනවා. එක එක්කෙනා එක එක විදිහට බලලා තම තමන්ට ගැළපෙන විදිහට අපිට අරක නෑ, මේක නෑ, සහන 'ආදී දේවල් කියන්න පුළුවන්. තමන්ගේ තත්ත්වය අනුව, තමන්ගේ තනතුරු අනුව විවිධ විදිහට විවිධ අදහස් දක්වන්න පුළුවන්. ඉතින් මටත් ඒ වගේ ඕනෑතරම් ලැයිස්තුවක් සකස් කරලා දෙන්න පුළුවන්. නමුත් අපි මූලික වශයෙන්ම කියන්න ඕන දශක ගණනාවකින් ලංකාවේ දැකලා නැති ප්‍රතිසංස්කරණාත්මක අයවැයක් තමයි මෙවර අයවැය. මීට අවුරුදු දහයකට දොළහකට කලින් මෙවැනි අයවැයක් ඉදිරිපත් වුණා නම් අද අපි වැටිලා තිබෙන මේ තැනට රට නොවැටී ඉන්නත් තිබුණා.



වර්තමාන අර්බුදකාරී වාතාවරණයෙන් ඊට ගොඩ එන්නට මඟපෙන්වීමක් මේ අයවැයේ තිබෙනවා. ඒ මගපෙන්වීම ගැන බැලුවාම අයවැයේ අවධානය යොමු කර තිබෙනවා කාරණා තුනක් සම්බන්ධයෙන්. එකක් තමයි අපනයන ආර්ථිකය. දෙවැනි එක තමයි හරිත ආර්ථිකය. තුන්වැන්න තමයි ඩිජිටල් ආර්ථිකය.  අපනයන ආර්ථිකය අපට අවශ්‍ය වන්නේ මේ තිබෙන ආර්ථික අර්බුදයේ මූලික ප්‍රශ්නය වන ඩොලර්, නැතිනම් විදේශ විනිමය නොමැතිකම නිසයි. විදේශ විනිමය අපිට නැති වුණේ අවුරුදු ගණනාවක් තිස්සේ විදේශ විනිමය උපයන ප්‍රතිසංස්කරණ කළේ නැති නිසයි. ඒ නිසා අපනයන ප්‍රවර්ධනය දුර්වල වුණා.


ඒ සඳහා අපනයන ආර්ථිකය අපට අවශ්‍ය වන්නේ මේ තිබෙන ආර්ථික අර්බුදයේ මූලික ප්‍රශ්නය වන ඩොලර්, නැතිනම් විදේශ විනිමය නොමැතිකම නිසයි. විදේශ විනිමය අපිට නැති වුණේ අවුරුදු ගණනාවක් තිස්සේ විදේශ විනිමය උපයන ප්‍රතිසංස්කරණ කළේ නැති නිසයි. ඒ නිසා අපනයන ප්‍රවර්ධනය දුර්වල වුණා. ඒ සඳහා අවශ්‍ය විදේශ ආයෝජන දුර්වල වු. අපිට වඩා පහළින් සිටි රටවල් අතරින් අපි බැලුවොත් ජනාධිපතිවරයාත් තමන්ගේ කතාවේ මේ ගැන මෙහෙම සදහනක් කළා. ඔහු අනූව දශකයේ මුල කර්මාත්ත අමාත්‍යවරයාව සිටි කාලයේ වියටිනාමයේ කර්මාන්ත අමාත්‍යවරයා ලංකාවට ඇවිත්, ලංකාවේ විවෘත ආර්ථිකය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ බව. වියට්නාමය කියන්නේ කොමියුනිස්ට් පාලනයක් තිබිලා දුපත් වී දුප්පත්කම් අත්තභාවයටම වැටුණ රටක්. පසුව අසූව දශකයේ අග භාගයේ ඔවුන් විවෘත ආර්ථිකයක් දක්වා පරිවර්තනය වෙත්ත පටන් ගත්තා.


ලංකාව ඒ වෙද්දි විවෘත ආර්ථිකය වෙත ප්‍රවේශ වෙලා වසර ගණනාවක්. මේ කාලේ ලංකාවේ විදේශ සංචිත තිබ්බා ඩොලර් බිලියන 2ක පමණ. වියට්නාමයේ තිබුණේ ඉතාම අඩු ප්‍රමාණයක්. නමුත් අද වන විට ලංකාවේ සංචිත තිබෙන්නේ ඩොලර් බිලියන 3ක් පමණි. වියට්නාමයේ ඩොලර් බිලියන 109ක සංචිත තිබෙනවා. මෙහෙම තමයි ලංකාව අපනයන ප්‍රවර්ධනයත් පහළට වැටුණේ. අපි අපේ ආදායම් වැඩි කළ යුත්තේ සල්ලි අච්චු ගහලවත්, ණය අරගෙනවත් නොවෙයි. අපි මේවා ගොඩනගා ගත යුත්තේ අපනයනවලින්. අපනයන ගැන බැලුවාම මීට වසර තිහකට පමණ කලින් වියට්නාමයේ තිබුණේ සහල් හා මත්ස්‍ය අපනයනවලට ප්‍රමුඛත්වය දුන් කෘෂිකාර්මික අපනයනයි. අපේ රටේ ඒ වෙද්දි කාර්මික අපනයන වෙතින් ඉදිරියට ගිහින් අපනයනවලින් භාගයක් පමණ කාර්මික අපනයන බවට පත්කරගෙන තිබුණා. නමුත් අද වෙද්දී (2021වන විට) අපි අපනයනය කරන්නේ ඩොලර් බිලියන 12.5ක් වැනි අගයක භාණ්ඩයි. වියට්නාමය මේ අගය ඩොලර් බිලියන 335ක් දක්වා ඉහළනංවාගෙන තිබෙනවා.




ඒ අනුව අපි කොතරම් පහළ වැටිලද කියලා පෙනී යනවා. අපි මේ ආර්ථික අර්බුදයට එන්න බලපෑව ප්‍රධාන කාරණය වුණේ අපනයන ප්‍රවර්ධනය සිදුනොවීම, අපනයන ප්‍රවර්ධනය සිදුවෙන්න නම් අපිට විදේශ ආයෝජන අවශ්‍යයි. අපේ ලංකාවට පසුගිය වර්ෂයේ විදේශ ආයෝජන ලැබී තිබෙන්නේ ඩොලර් බිලියන 0.5ක් වැනි අගයක, අපේ අසල්වැසි රටවල් ගැන බැලුවාම ඉන්දියාවට බිලියන 45ක ආයෝජනත්, සිංගප්පූරුවට බිලියන 99කත්, වියට්නාමයට බිලියන 16කුත් ලැබී තිබෙනවා. මේ අනුව අපේ රට විදේශ ආයෝජකයන්ට වැදගත් තැනක් වී නොමැති බව පෙනී යනවා. ලෝකයේ උතුම් රට කිව්වට අපේ රටට සල්ලි ගේන් වෙනත් රටවල් කැමති නෑ. අපි ආර්ථික අර්බුදයට වැටිලා ඉද්දී අයවැයකින් ඒවා වහගන්න බැරි වුණත්, ප්‍රතිසංස්කරණාත්මක ප්‍රතිපත්ති රාමුවක් සමග අයවැයක් ඉදිරිපත් කරනවා. මෙයින් අපේ විදේශ ආයෝජන වැඩි කර ගැනීමක්, අපනයන වැඩි කර ගැනීමක් හා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මූලික අඩිතාලමක් දමා ගැනීමක් ගැන සදහනක් වෙනවා. මේ වගේ වෙලාවක ජනතාව බලාපොරොත්තු වෙනවා නම් අපිට සහන නෑ කියලා, මොකද දැන් සාමාන්‍ය ජනතාවට කන්න බොන්න නැති තරම් ඊට වැටිලා තියෙන්නේ,


 උද්ධමනය මේ වෙද්දී අධිඋද්ධමනය දක්වා ගිහින් ප්‍රශ්න වැඩි වෙලා තිඛෙනවා. මේකෙන් ගොඩ එන්ත අයවැයෙන් බෑ. රජයට පුළුවන් වෙන්නේ ආදායම් හා වියදම් කළමනාකරණය කරගෙන, තුලනය කරගෙන රටේ ආර්ථික ස්ථායීතාව හදාගැනීම පමණයි. මේකෙන් ගොඩ එන්න නැත්නම් ජනතාවට සහන ලැබෙන්න නම් ඒ කියන්නේ ජනතාවට මිලදී ගන්නා බඩු භාණ්ඩ සහන මිලට ලැබෙන්න ඕන, වෙළෙඳ පොළේ බඩු හිග තිබෙන්න බෑ. මේවා සිදුවෙන්න ජනතාවගේ ආදායම් මට්ටම් වැඩි වෙන්න අවශ්‍යයි. ඒක සිදුවෙන්න ඕන අපනයන ප්‍රවර්ධනය සහිත ආර්ථික වර්ධනයක් සමගයි. මේ  නිසයි ආර්ථික වර්ධන වේගය 7%ක් 8%ක් දක්වා ඉහළ ගෙන ඒම අවශ්‍ය වන්නේ. ඒ නිසා ප්‍රතිසංස්කරණාත්මක අයවැයක් ලෙස ආර්ථික අර්බුදයෙන් සහ දිගුකාලීන ආර්ථික ප්‍රගතිය ඇතිකරන ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කරන අයවැයක් ලෙස මෙය දකින්න පුළුවන්. නමුත් මේ කියන දේවල් ඉෂ්ට වෙන්නේ, මේ අයවැය තුළ, ඉදිරි කාලයේ මෙකී ප්‍රතිපත්ති රාමුවක ඉදිරියට යනවාද කියන එක මතයි. මේ අයවැයේ තිබෙන කාරණා ඉටුකරගන්නට යන ගමනේදී ආයතන හා පුද්ගලයන් ලෙස ඇතිකරන බාධා නිසා මේ තත්ත්වය පස්සට යන්න පුළුවන්. අපි දේශපාලනය ගැන කතා කළොත්, අපේ දේශපාලන පක්ෂවල නායකයිනුත් ඇතුළුව පාර්ලිමේන්තුවේ සිටින සාමාජිකයන් බහුතරයකට මෙය තේරුම් ගන්න හැකියාවක් නැහැ. අපිට මෙහිදී ප්‍රතිපත්ති රාමුවක් තුළ එදිනෙදා තිබෙන සහන කතන්දරය අයින් කරන්න සිදුවෙනවා. ඒ අනුව අතීතයේ ගෙනාවා වගේ ජනප්‍රිය සහත නැති අයවැයක් මේක. මීළගට අයවැය නිසා පහර වදින හා රිදීම් ඇතිවන පිරිසක් ඉන්නවා.


රාජ්‍ය අංශයේ මිලියන 1.5කට ආසන්නව " විශාල සේවක සංඛ්‍යාවක් ඉන්නවා. 2005 වර්ෂයේ අපි බැලුවොත් රාජ්‍ය අංශයේ හිටියේ මිලියනයයි. මේ අවුරුදු 15ට මිලියන 1/2කින් රාජ්‍ය අංශයේ සේවක පිරිස වැඩි වෙලා තිබෙනවා. මේ අවුරුදු 15 අපේ ශ්‍රම බළකායවත් ඒ තරමට වැඩි වෙලා නැහැ. අපේ රටේ ශ්‍රම බළකාය වැඩි වෙලා තිබෙන්නේ ලක්ෂ 31/2ක අගයකින්. මෙහෙම වෙලා තිබෙන්නේ රටේ පෞද්ගලික අංශයේ ආර්ථිකය වැඩිදියුණු වී නොතිබීම නිසයි. ඒ නිසා හැමෝම ආණ්ඩුවේ රස්සා බලාපොරොත්තු වුණා. මැති ඇමතිවරුනුත් කළේ රාජ්‍ය අංශය පුරවපු එක. මේ ප්‍රශ්නයටත් අයවැය මගින් විසඳුම් ගෙනත් තිබෙනවා.

නමුත් මේවා නිසා ඇතැමුන්ට රිදෙනවා. ඒ රිදිල්ල නිසා විවිධ දේ සිදුකරාවි.  වෘත්තීය සමිති විරුද්ධ වේවි. රාජ්‍ය අංශයේ ආයතන 400ක් පමණ අපේ රටේ තිබෙනවා. ඉන්දියාවේ තිබෙන්නෙත් 192යි. මේ ආයතනවලින් වැඩි ප්‍රමාණයක් පාඩු ලබන ආයතන හා ජනතා මුදලින් නඩත්තු කරන්නේ ඇයි කියලා හිතන්න සිදුවන ආයතන. ඔවුන්ගෙන් වැය පමණයි, ආර්ථිකයට කිසිදු දායකත්වයක් නැහැ. මේවා නිවැරදි විය යුතු දේවල්. අපි පසුගිය කාලේ දැක්කා විදේශ ආයෝජනවලට විරුද්ධව පෙළපාළි යන තත්ත්වයක්.


 හැබැයි අපි ණය ගන්නවාට විරුද්ධව පෙළපාළි ගියේ නෑ. ඒ නිසා අපි මේ තත්ත්වය නැවත හරවගන්න සිදුවෙනවා. ආයෝජනවලට විරුද්ධ නොවී ණය ගැනීම්වලට විරුද්ධ විය යුතු කාලයක් දැන් එළඹී තිබෙනවා. ඒ අනුව මේ ගමන් මග යන්න සියලුම ජනතාව එක්ව ගමනක් යා යුතුයි. නැත්නම් මේ ගමන් මග නැවත කඩාකප්පල් වෙනවා. මේ ගමන් මග යන්න අපිට තියන ලොකුම අභියෝගය තමයි අපේ රටේ ප්‍රතිපත්ති බලය ලබන විවිධ දේශපාලන පක්ෂවලට අනුව වෙනස් වීම. ආර්ථික ඉදිරි ගමන්මග සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලට  නිවැරදි අවබෝධයක් නැහැ. තම තමන් හදාගත් මනංකල්පිත ආර්ථික ප්‍රතිපත්ති තියෙන්නේ, ආර්ථික විද්‍යාත්මක ප්‍රතිපත්ති මත මේවා හැදිලා නෑ. මේ තත්ත්වය දේශපාලන නායකත්වයන් තේරුම් අරන් ඒ තත්ත්වය ඇති නොකළොත්, අපේ රට මේ තිඛෙන තැනම විතරක් නොවෙයි තවදුරටත් අමාරුවේ වැටේවි. ඒ අනතුර අපේ රට ඉදිරියේ තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න
සටහන - නදිශානි පතිරණ