තිළිණි ප්‍රියමාලි විසින් සිදු කර ඇති විශාල මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රසිද්ධ රංගන ශිල්පී පුබුදු චතුරංග සහ ඔහුගේ බිරිඳ වන මාෂි සිරිවර්ධනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.
තිකෝ ෆිල්ම්ස් නිෂ්පාදනයක් බව කියමින් ශිරන්ති රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන ඇතුළු දේශපාලන ක්ෂෙත්ර අමුත්තන්ද ඉන්දීය නිළියකද ඇතුළු කලා ශිල්පීන් කැටුව
කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ පැවති රුපියල් කෝටියකට අධික මුදලක් වැය කර ‘මායාජාල‘ චිත්‍රපටයේ මුහුරත් උළෙල සංවිධානය කිරීමට ප්‍රියමාලිගේ මූල්‍ය මැදිහත්වීමක් තිබූ අතර මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පුබුදු මාෂි දෙදෙනා කැඳවීමට නියමිතය.
එම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය භාරදී තිබුනේ පුබුදු චතුරංගටය.
මින් ඉහත ජීවන් කුමාරතුංග හා එම බිරියගෙන්ද රහස් පොලිසිය ප්‍රශ්න කර තිබුනේ මේ ආකාරයටම ‘ජීවා‘ නමින් චිත්‍රපටයක් නිෂ්පාදනයට තිලිනි ප්‍රියමාලි දැරූ උත්සාහය නිසාය.
විවිධ පුද්ගලයින්ගෙන් ආයෝජනය මුවාවෙන් උපයාගන්නා මුදල් චිත්‍රපට නිපදවීමට බව කියමින් තිලිණි වැයකරන බවක් පෙන්වූ නමුත් එම චිත්‍රපට කිසිදු රූගතකිරීමක් සිදු කර නැති බවත් උත්සව සඳහා අසාමාන්‍ය වියදමක් දරා මේවා පවත්වා ඇත්තේ වෙනත් අරමුණු වලින් බවත් කලා ශිල්පීන් පවා රැවටීමකට ලක්කර ඇති බවත් විමර්ශන වලින් පෙනීගොස් තිබේ.
සිය මූල්‍ය වංචා වලට පලිහක් සපයා ගැනීමට තිලිණි කලා ශිල්පීන් හා දේශපාලකයින් හොඳින් ඇසුරු කර තිබූ අතර එම සබඳතා විශ්වාසදායි ලෙස පවත්වා යන්නට මෙවැනි උත්සව වරින්වර පවත්වා ඇති බව විමර්ශනවලදී පෙනී ගොස් ඇත.
මේ අතර ප්‍රියමාලිගේ මුල්‍ය වංචාවට ආධාර අනුබල දීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටින ජානකී සිරිවර්ධන මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින බව පැවසේ.
ප්‍රියමාලි දැනට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ රඳවා ඇත.
ජානකී සිරිවර්ධන මීගමුව බන්ධනාගාරයට යවා ඇත්තේ චූදිතයන් දෙදෙනා අතර ගැටුමක් ඇතිවීමේ හැකියාවක් පවතින නිසා යයි බන්ධනාගාර ආරංචි හෙළි කරයි.
එයට අමතරව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පැමිණිලිකරුවන්ගේ නීතීඥයින් බිය වී ඇත්තේ ඔවුන් සාක්ෂි විනාශ කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ හේතුවෙන් ඔවුන් එකම බන්ධනාගාරයේම රඳවා නොගන්නා ලෙස ඉල්ලා තිබී ඇත.
සියලු ඡායාරූප මෙතැනින්
0 Comments