rangana-de-silva-copy-chat

කලා ශිල්පීන් සමග පිළිසඳර පවත්වන ප‍්‍රකට වැඩසටහනක් වන හිරු නාලිකාවේ කොපි චැට් මීට වසර 8 කට පෙර පසුගිය 2014 වසරේ මැයි මස 100 වන වතාවට ඉදිරිපත් කරන්නට සූදානම් වුණා.
 හෝටලයක සැමරුම් සාදයක්ද පවත්වමින් මේ වැඩසටහන ඉදිරිපත්කරන රංගන ද සිල්වාගෙන් අපි ඒ ගැන ඒ දවස්වල ඇහුවා.මේ ඔහු එදා කියූ දේවල්ය.

හලෝ රංගන මේ ගොසිප් ලංකා එකෙන්.ඉතින් කොපි චැට් සියවන සැමරුමට සුදානම කොහොමද?

ඉරිදා රාත‍්‍රී දහයට සජීවීව  වැඩසටහන ආරම්භ කරනවා හිල්ටන් හෝටලයේ සිට කලා කරුවන් තුන් සියයක් සමග. ආරමිභක වැඩසටහනේ සිට මේ දක්වා සහභාගි වු සියලූම කලාකරුවන් සහභාගි කරගෙන. අලූත් තරග කිහිපයක් හදුන්වාදෙමින් පවත්වන්න තමයි සුදානම. විශේෂයෙන්ම ලංකාවේ ප‍්‍රථම වතාවට තමයි රූපවාහිනී වැඩසටහනකින් එකම දවසක  එකම වෙලාවක මේ තරම් පිරිසක් සහභාගී වෙන්නේ



දැන් වැඩසටහන් සීයක් කළානේ කලාකරුවො එක්ක අමනාප වෙන්න වෙච්ච තැන් එහෙම නැද්ද?

එහෙම නැතුවමත් නෙමේ කෙහොම හරි මම හැමෝත් එක්කම සුහදව ගොඩක් ළගින් ඉන්න හින්දා හැමෝම මාත් එක්ක  හොඳයි.
ඉඳල හිටලත් සමහරු රවල බලනවා.මේ පසුගිය වැඩසටහනේදී මම අමල්ව හදුන්වා දෙද්දි සුදු කැස්බෑවා ගැන කිවිවා මම හිතුවා අමල්ට තරහා යයි කියලා. නමුත් එහෙම වුනේ නෑ. වැඩසටහන ඇතුලේ තරහ නොයන්න තියාගන්න මම දන්නවා.



කොහොමද ඇත්තටම කලාකරුවන් එහෙම තියාගන්නේ?

අපේ ගමේ කොලොන්නාවේ රජමහාවිහාරයේ  දහම් පාසලේ දරුවන්ට මම හැම ඉරිදම දහම් දැනුම කියලා දෙනවා. මම දහම් පාසලේ විදුහල්පති. ඉතිං මම එතනදි විවිධ අත්දැකිම් ලබලා තියනවා. මම මාධ්‍යයට ආවට පස්සේ කලාකරුවන් එක්ක වගේම ගොඩක් අය සමග ළගින්ම ආශ‍්‍රය කරලා තියනවා.  ඉතිං මේ හැම තැනකින්ම ලබා ගත්ත දැනුම අත්දැකීම් එකතු කරගෙන වැඩසටහන ඇතුළේ සියලූ දේ කළමනාකරණය කරගන්න පුළුවන් වට පිටාව හැදුණා.