ranil-budget-ranjith-maddumabandara

මෙවර අයවැයෙන් රටේ මූලික ප්‍රශ්න සඳහා කිසිදු විසඳුමක් නොමැති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

රට මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නය, ජනතාවගේ ජීවන වියදම් ප්‍රශ්නය හෝ ජන ජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳ කිසිදු යෝජනාවක් මෙවර අයවැයෙන් ඉදිරිපත් වී නොමැති බවද මහ ලේකම්වරයා සඳහන් කළේය. මෙවර අයවැය කිසිදු ඉලක්කගත වැඩපිළිව‍ෙළක් නොමැති පුස්සක් බවද ඔහු පැවසීය.

ආණ්ඩුව අයවැයට පෙරම ජනතාවට බදු පැටවූ බවත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙවර අය වැයෙන් ජනතාවට සහන කිසිවක් නොමැති බවත් මද්දුම බණ්ඩාර මහතා කීවේය. මේ අයවැය මගින් ගොවියාට, ධීවරයාට, කම්කරුවාට, රාජ්‍ය සේවකයාට කිසිදු පලක් ඉටු නොවූ බවද ඔහු පැවසීය.