ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් මහතා අතර හමුවක් සිදුව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් හි පැවැත්වෙන කෝප් – 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අතරතුර දී එම හමුව සිදුව ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය නව අගමැති රිෂී සුනක් මහතා වෙත සුබපැතුම් එක් කර ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්යාස පිළිබඳ කෝප් – 27 සමුළුව අද ඇමතීමට නියමිතව තිබේ.
ඊජිප්තුවේ ශාම් එල් ෂීක් හිදී එම සමුළුව ඊයේ (07) ආරම්භ වූ අතර ලබන 18 වන දින දක්වා පැවැත් වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වටමේස සාකච්ඡාවට ඊයේ පස්වරුවේ සම්බන්ධ වුණි.
එහිදී ඉදිරි දෙවසර සඳහා ආහාර අවශ්‍යතා තක්සේරු කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
කෝප් – 27 හි ප්‍රධානත්වය දරණ ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගෙන් එම ඉල්ලීම සිදුකර තිබේ.
ගෝලීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තිරසර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
මේ අතර සමුළුවේ අනාගත බලශක්ති ප්‍රභවයන් පිළිබඳ සහ ජල සුරක්ෂිතතාව පිළිබඳ අද දිනය තුළ වටමේස සාකච්ඡා කිහිපයක් ද පැවැත් වේ.
0 Comments