රිෂාඩ් බදියුර්දීන් මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගැනීම, රඳවා තබාගැනීම මෙම අපහාස. කිරීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කර ගනිමින් වන්දි ඉල්ලා නඩුවක් ගොනු කිරීමට සාකච්ඡා කරමින් සිටින බව බදියුර්දීන් මන්ත්‍රීවරයාගේ පෞද්ගලික නීතිඥ රුෂ්දි හබීබ් මහතා පැවසීය. කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
"මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් තිබෙනවා. ඒ නඩුව ගොනු කරලා තිබෙන්නේ මේකට සම්බන්ධ අය වගඋත්තරකරුවන් කරලා. පී.ටී.ඒ. එක යටතේ මාස 07එ රඳවා තබාගැනීම,
බොරු චෝදනාවක් යටතේ පොලීසියට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් ගතහැකි සිවිල් ක්‍රියාමාර්ගය තමයි වන්දි ඉල්ලන්න වැලීෂියන් ප්රොෂිකියුෂන් එකක් ගොනු කරන එක. දිසා අධිකරණයේ තමයි නඩුව ගොනු කරන්නේ. ඒ තුළ අපහාසය, රඳවා තබාගැනීම් ඇතුළු සියල්ල අඩංගු වෙනවා. එම ක්‍රියාමාර්ගයට එළඹීමට දැන්සාකච්ඡා කරනවා. ” යැයි නීතිඥ රුෂිද් හබීබ් මහතා වැඩිදුරටත් පැවසීය. මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් කෙතරම් අපහාස සිදුකළද, අවසානයේ අධිකරණයෙන් නිවැරදි තීන්දුව ලබාදුන් බවත්, මෙම සිදුවීම පාදක කර ගනිමින් 2019 ජනාධිපතිවරණයේදී බලය ලබාගැනීමට කටයුතු කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේය. "පාස්කු ඉරිදා සිද්ධිය භාවිත කළේ ආණ්ඩු බලය ගන්න. ඒ වෙනකොට පී.ටී.ඒ. එක යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට අරන් තිබුණේ නෑ. මාස 07ක් වගේ කාලයක් මාව තියාගෙන හිටියා. අපේ නම සවුත්තු කරලා, මේ සිද්ධිය විකුණලා ඡන්දෙදි තමුන්ගේ වාසියට පාස්කු සිද්ධිය පාවිච්චි කළා. මාව විතරක් නෙවෙයි ඩොක්ටර් ෂාෆි වෙන්න පුළුවන්, හිජාස් හිස්බුල්ලා වෙන්න පුළුවන්, අසාද් සාලි වෙන පුළුවන්, ඒ වගේම මුස්ලිම් ආගමේ නායකයන් කිහිප දෙනෙකුව මේ විදියට පී.ටී.ඒ. එක යටතේ අත්අඩංගුවට අරන් රඳවාගෙන හිටියා. උසාවියෙන් මේ තීන්දුව දෙනකන් අපට කොච්චර වදයක් දුන්නද?" යැයි - ඊෂාද් බදියුර්දීන් මහතා පැවසීය.
(දිනේෂ් සමරකෝන්)
0 Comments