ses-tax-explaned

සෙස් බදු වැඩි කිරීම හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්වල මිල ඉහළ යාමක් කිසිසේත් සිදු නොවන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පවසයි.

 සෙස් බද්ද නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ ගොස් ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

“අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපි හඳුනාගෙන තියෙනවා 120 ක්. ඒ 120 සඳහා සෙස්, රේගු වැනි බදු අය කරන්නේ නෑ. ඒවාට එකම එක බද්දක් තමයි මේ සියල්ලම වෙනුවෙන් අය කරන්නේ, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද. ඒ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ කිසිදු වෙනසක් අපි කරලා නෑ.

ඒ නිසා මේ කතාබහට ලක්වුණු සහල්, ළූණු, කඩල, අර්තාපල්, බඩඉරිඟු, පරිප්පු, සීනි, හාල්මැස්සෝ යනාදී මේ කිසිවක මිල වැඩිවීමට හේතුවන බදු වැඩිවීමක් සිදුවුණේ නෑ.

ඉතින් මේ ඊයෙ පෙරේදා වෙනස් වුණේ මේ සෙස් බද්ද අයකිරීමේදී සියයට ගණන වෙනස් කරලා නෑ, නමුත් අර මුදලෙන් කියපු ප්‍රමාණය රුපියලේ අවප්‍රමාණය වීමට සාපේක්ෂව ගැලපීමක් සිදුවුණා. මේක තමයි මේ වැරදියට වටහාගෙන රාවයක් රට තුළ ගියේ. ඉතා පැහැදිලිවම කිවයුත්තේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මේ ගණයට කිසිසේත්ම වැටෙන්නේ නෑ”

මේ සම්බන්ධයෙන් ඔහු නිවේදනයක්ද නිකුත් කර ඇති අතර එම නිවේදනය පහතින්,