ඕස්ට්‍රෙලියාවේ පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තීරණාත්මක තරග වලදී පිලිවෙලින් අයර්ලන්තය පරදා නවසීලන්තයත්, ඇෆ්ගනිස්ථානය පරදා ඕස්ට්‍රෙලියාවත් ජයගත් අතර නවසීලන්තය හා ඕස්ට්‍රෙලියාව කාණ්ඩ අංක 1 ඉදිරියට පැමිණියේය.
අද තරගය යම් හෙයකින් ඕස්ට්‍රෙලියාව පැරදුනේ නම් හෙට පැවැත්වෙන ශ්‍රී ලංකාව හා එංගලන්ත අතර තරගයෙන් ජයගෙන අවසන් පූර්ව වටයට යාමට ශ්‍රී ලංකාවට හැකියාව තිබුණත් දැන් එම අවස්ථාව ගිලිහී ගියේය. ශ්‍රී ලංකාවට හෙට පැවැත්වෙන තරගයෙන් පසු ගෙදර ඒමට සිදුවේ.
නවසීලන්තය අවසන් පූර්ව වටයට අවශ්‍ය ප්‍රසාද ලකුණු සම්පූර්ණ කර තිබෙන අතර හෙට තරගයේ ජය අනුව ඕස්ට්‍රෙලියාව හෝ එංගලන්තය අවසන් පූර්ව වටයට තේරෙනු ඇත. හෙට ලංකාව දිනුවත් පැරදුණත් ගෙදරය. එංගලන්තය දිනුවොත් නවසීලන්තය හා ඕස්ට්‍රෙලියාව සමග ප්‍රසාද ලකුණු 7 ක් ලබා සම වන අතර ලකුණු සාමාන්‍යය අනුව අඩු ලකුණු සාමාන්‍යයක් පවතින ඕස්ට්‍රෙලියාවේ අගය පසුකරයාමට හැකිනම් අවසන් පූර්ව වටයට සත්කාරක රට පරදා එංගලන්තයට හැකිවනු ඇත.
අද නවසීලන්තය ලබාදුන් 180 ඉලක්කය සපුරාගන්නට බැරිව අයර්ලන්තය 150 ලබා පරාජයට පත්විය.
අද ඕස්ට්‍රෙලියාව සමග ඇෆ්ගනිස්ථානය අතර තරගයේදී කරට කර සටනක් පැවති අතර අවාසනාවන්ත ලෙස ඇෆ්ගනිස්ථානය පරාජය වෙමින් අවසන් වූයේ ලකුණු 4 ක් මදිවීමෙනි. ඕස්ට්‍රෙලියාව ලබාදුන් 168 ඉලක්කය අවසන් පන්දුව තෙක්ම ලබාගන්නට ඇෆ්නිස්ථානය උත්සාහ කළ අතර කඩුලුද ඉතිරිව තිබුණත් පන්දු මදිවීමෙන් ලකුණු 164 ක්පමණක් ලබා 4 කින් පරාජයට පත්විය.
0 Comments