sri-lankan-cricketer-danushka-gunathilaka-charged

තිස් එක් හැවිරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකාවටද අපකීර්තියක් ගෙන එමින් පසුගිය සතියේ ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ ප්‍රදේශයේ නිවසකදී 29 හැවිරිදි කාන්තාවක සිව්වතාවක් ලිංගික අතවරයකට ලක්කර ඇති බවට මේ වනවිට තහවුරුවී තිබේ.
ඇගේ පැමිණිල්ල අනුව ඉරිදා අලුයම සසෙක්ස් වීදියේ හෝටලයකදී ධනුෂ්ක සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

ගුණතිලක සිඩ්නි පොලිස් ස්ථානයට ගෙන ගොස් ප්‍රශ්න කළ අතර කාන්තාවගේ සාක්ෂිද සමග ඇයගේ කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදුණ බවට අවස්ථා හතරක් ගැන අනාවරණය කරගන්නා ලදි.

පසුව ඔහුව වැඩිදුර විමර්ශනයට රඳවා ගන්නට අවශ්‍ය බව දැක්වූ පොලිසිය ඔහු රඳවා ගැනීම පිණිස ඉරිදා පරමට්ටා ඇප අධිකරණයට යොමු කරන ලදි එහිදී පෙනී සිටි ධනුෂ්කට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.

ළමා අපචාර සහ ලිංගික අපරාධ සංචිතයේ රහස් පරීක්ෂික‍ා ජේන් ඩොහර්ටි පැවසුවේ මෙම යුගලය ‘ඩේට්‘ ඇප් යෙදුමක් මත චැට් කරමින් අන්තර්ජාල සබඳතාවකින් අඳුනාගෙන තිබුණ බවයි.නැමීබියාව සමග පළමු තරගයට පමණක් ක්‍රීඩා කර පසුව ආබාධ නිසා තරගාවලියෙන් ඉවත්වූ ධනුෂ්ක දිවයිනට ගෙන්වීමට බලධාරීන් කටයුතු  නොකළ අතර ඔහු හෝටල් කාමරයේ දිගටම රැඳෙමින් කාන්තාවන් සමග විනෝදවීමට මේ ආකාරයෙන් හැසිරී ඇති බව අනාවරණය වේ.
රහස් පරීක්ෂිකා ජේන් ඩොහර්ටි ඉරිදා වාර්තාකරුවන්ට පැවසුවේ ඔවුන් බදාදා හමුවීමට පෙර වීඩියෝ ඇමතුම් ඇතුළු විවිධ වේදිකාවල සන්නිවේදනය සිදු කළ බවට සාක්ෂි හමුවූ බවයි.

ධනුෂ්ක ගුණතිලක මෙම කාන්තාවට වෙලාවක් ලබාදී කොෆී ෂොප් එකකදී කෝපි බීම සඳහා මුණගැසී ඇත.
පසුව එතැන කතාබහින් පසු නැවත ඇයගේ නිවසට පැමිණ ඇති අතර එහිදී ඇය තනිව සිටි නිවසේ කාමරයක් ඇතුළට ගෙනයමින් ලිංගික අතවර සිදුකර ඇති බව පැවසේ.



"මෙම කාන්තාව දිගටම බැහැ කියා තිබෙනවා. ආරක්ෂාව ලබාගැනීමට කෑගසා තිබෙනවා. අතවරයෙන් මිදීමට බොහෝ පියවර ගෙන තිබෙනවා," රහස් පරීක්ෂිකා ඩොහර්ටි පැවසූ බව නිව්සීලන්ඩ් හෙරල්ඩ් පුවත් වෙබ් අඩවියේ වාර්තාවක දැක්වෙයි.
ඇයට අවශ්‍යවී තිබුනේ ඔහු හා හමුවී සුහද කතාබහක නිරත වෙන්න විතරයි.
“ඇය ප්‍රසිද්ධ ස්ථානයකදී මුණගැසුණා, ඒ අවට සිටින අනෙක් අය  ඇය හමුවීමට යමෙකු පැමිණි බව සාක්ෂි ලබාදී තිබෙනවා‘
"නමුත් ඔහු හැසිරී ඇති ආකාරය අවාසනාවන්තයි."රහස් පරීක්ෂිකා ඩොහර්ටි දන්වා තිබේ.
ඇගේ පැමිණිල්ලට අනුව සිව්වතාවක් අතවර කිරීමට ඔහු පියවරගෙන තිබේ.
සිද්ධියෙන් පසු කම්පනයට පත් ඇය කළ පැමිණිල්ල අනුව සෙනසුරාදා අදාළ ලිපිනයේ අපරාධ ස්ථාන පරීක්ෂණයක් සිදු කර තිබේ.
ධනුෂ්ක මේ වනවිට රඳවා තබාගෙන තිබෙන අතර ඔහුට ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ සහාය ලැබී ඇතැයි රහස් පරීක්ෂිකා ඩොහර්ටි පැවසුවාය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ධනුෂ්ක වරදකරු වූවහොත් ඔහු සම්බන්ධයෙන් දැඩි පියවරක් ගන්නට සූදානමින් සිටින බවයි.