sudarshani-speaks
අද (14) දහවල් පුධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කළේ මෙ දක්වා විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස සිටි මන්ත්‍රීවරුන්  6 ක් සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් පසු සමගි ජන බලවේගය සමග එක්වූ බවයි.
මෙම පිරිස විපක්ෂ නායකවරයා හමුවී කථාබස් කරන අයුරු හා ඡායාරූප වලට පෙනී සිටි අයුරුද වාර්තා විය.
කෙසේ වෙතත් මෙම හමුවේදී සිදුවුනේ පක්ෂ සාමාජිකත්වයක් ලබාගැනීම නොවන බවත් විපක්ෂය සමග එක්වී ඉදිරියේදී විපක්ෂයේ කාර්යභාරය සිද්ධ කරන අයුරු ගැන කථිකා කරගැනීම බවත් වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පසුව මාධ්‍ය වෙත විශෙෂ දැනුම් දීමක් කරමින් පවසයි. ඇය සදහන් කරන්නේ 6 දෙනාගෙන 4 දෙනෙකු ගැනම තමාට ස්ථිර ලෙස එලෙස පැවසිය හැකි බවයි.

ඒ අනුව සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ,ජයරත්න හේරත්, ජෝන් සෙනෙවිරත්න යන තිදෙනාම පක්ෂ සාමාජිකත්ව ලබාගත් කතාව වැරදි බව ඇය පැහැදිලි කරන අතර​ ප්‍රියංකර ජයරත්න මහතා එතැන සිටියේ නැතැයිද පවසා සිටී. කෙසේ වෙතත් චන්දිම වීරක්කොඩි හා අනුර ප්‍රියදර්ශන යාපා
 කවර ස්ථාවරයක සිටීදැයි තමාට කිව නොහැකි යයි ඇය ඒ සමග පවසා ඇත.