thailand-embassy-thief

කොල්ලුපිටිය මල් පාරේ අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටි මෙරට තායිලන්ත තානාපතිවරයාගේ නිල නිවසට පෙරේදා (6) අලුයම් කාලයේ සොරු පැන ඇතැයි වාර්තාවේ.





තායිලන්ත තානාපති Poj Hanpolගේ  පැමිණිල්ල අනුව නිල නිවසට සොරෙකු කඩා වැදීමෙන් පසු කොල්ලුපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. සොරා රුපියල් ලක්ෂ 3 ක පමණ දේපළ සහ මුදල් සොරකම් කර ඇති බව තානාපති දැක්වූ තොරතුරු වලින් ගනනය කර ඇත.

 හොර රහසේ ඇතුළු වූ පුද්ගලයා එහි තිබූ ජංගම දුරකතනයක්, තායිලන්ත මුදල්, සමරු ඵලකයක් සහ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් දස දහසක් සොරාගෙන පලාගොස් ඇත.

මෙම සොරකම සම්බන්ධයෙන් දුරකතනයෙන් දැනුම් දීමක් මත කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස්  කණ්ඩායමක් තායිලන්ත තානාපති නිල නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඉරිදා අලුයම 2.00ත් 7.00ත් අතර කාලය තුළ මෙම කොල්ලය සිදු ව ඇති අතර, තානාපති නිල නිවසින් භාණ්ඩ සොරාගෙන ගිය පුද්ගලයා ගැන මෙතෙක් කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැති අතරකිසි ම සැකකරුවකු පොලිසිය තවමත් අත්අඩංගුවට ගෙන නැත.