thilini-priyamali-passport

තිළිණි ප්‍රියමාලි නමැත්තියට ජාතික හැඳුනුම්පත් 02ක් සහ විදේශ ගමන් බලපත්‍ර 02ක් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන්ද ව්මර්ශනයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (16දා) අධිකරණයට දැනුම් දුන්නේය. තිළිණි ප්‍රියමාලී ඇතුළු සැකකරුවන් විවිධ ආයෝජනයන්ගෙන් රුපියල් බිලියන 1.3කට අධික මුදලක් වංචා කර ඇතැයි දැනුම් දෙමින් රහස් පොලීසිය කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන්  එළඹෙන 30 වැනිදා දක්වා තවදුරටත් රීමාන්ඩ්භාරයේ රඳවා තැබීමටද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

රුපියල් කෝටි විසිදෙකහමාරක් වංචා කිරීමේ සිද්ධිය ඇතුළු පමිණිලි 09ක් විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළව සිදු කළ විමර්ශනවල ප්‍රගතිය දැවෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.පැමිණිලි කැඳවනු ලැබු අවස්ථාවේදී බන්ධනාගාරයේ සිටි සැකකරුවන් විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අධිකරණයට සම්බන්ධ කිර්මට බන්ධනාගාර නිලධාරීන් විසින් පියවර ගන්නා ලදී. සිද්ධීන්වලට අදාළව සිදු කළ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර විසින් කොළඹ අවට පිහිටි විශේෂිත මුදල් හුවමාරු මධ්‍යස්ථානයකින් සහ තවත් ස්ථානවලින් රුපියල් කෝටි 04කට (ඩොලර් 120,000) අධික මුදලක් ඩොලර්වලට මාරු කර ඇති බවත්, ඔහු එම මුදල් සූට් කේස් දෙකකින් තිකෝ ආයතනයට ගෙනැවිත් ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවත් අධිකරණයට දැනුම් දුන්නේය.සැකකාර බොරැල්ලේ සිරිසුමන හිමියන් ව්‍යාජ ආරූඪයක් මවාගෙන තිළිණි ප්‍රියමාලි නමැත්තියට මුදල් ලබාදෙන ලෙසට ව්‍යාපාරිකයන්ට බලපෑම් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම සිද්ධීන්වලට අදාළව රිමාන්ඩ්භාරයට පත් කර සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිණී. තිළිණි ප්‍රියමාලී, බොරැල්ලේ සිරිසුමන හිමි, මුදල් සාවද්‍ය පරිහරණය කළ බව කියන ක්‍රිෂ්කාල්ටන් ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන, තිකෝ කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ අධ්‍යක්ෂ ඉසුරු පෙරේරා සහ ඇයගේ පෙම්වතා ලෙස සඳහන් ඉසුරු බණ්ඩාර තවදුරටත් ර්මාඩ්භාරයේ රඳවා තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය. මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල එළඹෙන 30වැනිදා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධීන්වලට අදාළව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට දැනුදෙන ලෙසද රහස් පොලීසියට නියම කළේය

(බුද්ධිමාල් රුබේරු)