සිය ළදරුවන්ගේ බර කිරා ගැනීමට මව්වරුන් සෞඛ්‍ය මධ්‍යස්ථානවලට පැමිණෙන්නේ ත්‍රිපෝෂ ලබාදුන්නොත් පමණක් යැයි කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය චින්තා ජයමිණි පැවසුවාය.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ 01 වැනිදා පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඇය මේ බව කියා සිටියාය. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ගැබිනි කතුන්ගේ සහ කිරිදෙන මව්වරුන්ගේ ප්‍රගතිය පිළිබඳ විස්තර කරමින් ඇය මේ බව පැවසුවාය.
ඔක්තෝබර් 20 වැනිදා වන විට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් කොළඹ සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගැබිනි කතුන් 3452දෙනකු, කිරිදෙන මව්වරුන් 3084දෙනකු සහ වයස අවුරුදු පහට අඩු දරුවන් 33,313දෙනකු සිටින බව වෛද්‍යවරිය කීවාය.
මහ නගර සභා බල ප්‍රදේශයේ සිටින අවුරුදු එකක් වයසැති දරුවන් 5218 දෙනකුකු අතරින් සියයට දෙකයි දශම එකක් (2.1 ක්) උග්‍ර අඩුබර දරුවන් බවත් ඇය පැවසුවාය. දරුවාගේ වයස අවුරුදු එක දක්වා මව්වරුන් කිරි ලබා දුන්නත්,අවුරුදු එකෙන් පසුව කිරි ලබාදීම බොහෝ දුරට අඩු බවද මෙහිදී අනාවරණය විය.
ආදායම වැඩි පවුල්වලද අඩු බර දරුවන් සිටියද ඔවුන්ගේ තොරතුරු සෞඛ්‍ය අංශවලට ලබා නොදෙන බවත්,පොදු බර කිරන තරාදියෙන් ඔවුන්ගේ දරුවන්ගේ බර පරීක්ෂා කිරීමට රැගෙන නොඑන බවත් වෛද්‍යවරිය පැවසුවාය. වයස අවුරුදු පහෙන් පසුව දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය නිසියාකාරව පරීක්ෂා නොකෙරෙන බවද දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී අනාවරණය විය.
(සාලිය කුමාර ගුණසේකර)
0 Comments