විවිධ පුද්ගලයන් රවටා ඔවුගෙන් රුපියල් කෝටි 130 කට ආසන්න මුදලක් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට සහාය නොදි ප්‍රවීණ චිත්‍රපට නිළියක් තවත් රංගන ශිල්පිනියක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මග හරමින් සිටින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහරිමින් සිටින මෙම නිළියන් දෙදෙනා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය පියවර ගන්නා ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.
මෙම නිළියන් දෙදෙනා තිළිණ ප්‍රියමාලි නමැත්තිය සමග සමීප සම්බන්ධකම් පවත්වා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි. මෙම රංගන ශිල්පිණියන් දෙදෙනා ඉකුත් 31 වැනි දින ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබුවද ඔවුන් එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ නොමැත. ඔවුන්ට යළිත් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙසට නැවත දැනුම් දීමක් කළ ද, ඔවුන් ඊයේ දිනයේ ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ නොමැති බවද එම ආරංචිමාර්ග පවසයි.
මොවුන් දෙදෙනා නොපැමිණීම හේතුවෙන් කිසිදු දැනුම් දීමක් ද මේ දක්වා සිදුකර නොමැති බවද එම ආරංචිමාර්ග පවසයි. මෙම රංගන ශිල්පිණියන් දෙදෙනා දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහැරිම සම්බන්ධයෙන් ඉදිරියේ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර සුදුසු පියවර ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.
(ඉන්දිකා රාමනායක )
0 Comments