
ඊයේ (25දා) සවස නිකුත් වූ අ.පො.ස. සා.පෙළ ප්‍රතිඵල වලින් දක්ෂ ලෙස සාමාර්ථ ලබාගත් ක්‍රීඩාවේ දක්ෂ පාසල් සිසුවියක ගැන ප්‍රතිඵල වාර්තා වේ. ශ්‍රී ලංකා යොවුන් (19 න් පහළ) ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කළ විශ්මි ගුණරත්න සියලු විෂයයන් සඳහා ඒ් සාමාර්ථ (ඒ් 9) හිමිකර ගනිමින් විශිෂ්ට ලෙස සාමාන්‍ය පෙළ සමත්වී තිබීම විශේෂත්වයකි.
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ඇය ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවකි. ඇය නිමාවූ 19 න් පහළ අන්තර්පාසල් ක්‍රිකට් තරගාවලියේදී ජයන්තිපුර කනිෂ්ඨ විද්‍යාලයීය කණ්ඩායමට එරෙහිව ලකුණු 417 ක් රැස් කර ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිමක ලකුණු හාරසියය ඉක්මවූ පළමු ක්‍රීඩිකාව බවට පත්විය.
මෙම වසරේ ජනවාරි මසදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේද ස්ථානය දිනා ගත් ඇය ශ්‍රී ලංකා වෙනුවෙන් එක්දින තරග දෙකකට හා විස්සයි විස්ස තරග 9 කට ක්‍රීඩා කර ඇත.
ඇය මෙම වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කුළුඳුල් 19 න් පහළ කාන්තා ක්‍රිකට් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙසින්ද ක්‍රියා කළාය.

Comments
Post a Comment
Your comment will be visible after approval