
අද දින පැවති කැබිනට් මණ්ඩල තීරණදැනුම්දීමේ හමුවේදී ගුරුවරියන් සාරි වෙනුවට විකල්ප ඇඳුම් ඇඳීමට දැනටමත් යොමුවී ඇතිබව කියමින් ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මෙසේ කීය.
‘අධ්‍යාපන ඇමතිතුමා ගුරු ඇඳුම ගැන අවසන් තීරණයක් ලබාදී තිබෙනවා. සංස්කෘතිය ආරක්ෂා වන ලෙස එම තීන්දුව ලබාදී තිබෙනවා. මේ රටේ අනාගත පරම්පරාව විනාශ කරන දුෂ්ඨ දූෂිත බලවේග ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. මේ අයට රාජ්‍ය නොවන සංවිධාන උදව් කරනවා ඇති. අපි ඒවට ඉඩ දෙන් නැහැ. වෘත්තිය සමිති නායකයන්ට මේ වෙනස්කම් කරන්න ඉඩ දෙන් නැහැ.‘
Comments
Post a Comment
Your comment will be visible after approval