wimal-speaks-gammanpila

ඊයේ (11) අනුරාධපුර යොවුන් නිකේතනයේදී පැවති උත්තර ලංකා සභාගයේ "අනුරාධපුර සම්ප්‍රාප්තිය" සමුළුව අමතමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

‘උදය ගම්මන්පිල මැතිතුමා බලශක්ති ඇමැතිවරයා විදිහට, එයාව ධුරයෙන් ඉවත් කිරීමට මාස 03කට පමණ පෙර තමයි 'ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දෙමු' කියා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ. QR කියා කිව්වාට, ඒක පොෂ් වගේ පෙනුනාට ඒ තමයි දැන් ක්‍රියාත්මක ඉන්ධන සලාක ක්‍රමය'' නමුත් ඒ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා දැම්මේ නැහැ. එවකට හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කියනවා, 'සර් මේක දැම්මොත් ජනතාව අතරට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන එක යනවා. ජනතාව Panic(බය) වෙනවා' කියලා.

දැන් Panic වුණේ නැද්ද පී.බී. ජයසුන්දර මහත්තයෝ. දැන් එයා කොහෙද කියලා හොයාගන්නත් නැහැ. අඩුම තරමින් ගෝඨාභය රාජපක්ෂව ගෙදර යවපු අරගලකාරයෝවත් ඒ යෝධයා ගැන කතා කරන්නේ නැහැ. අපි 90 දශකයේ සිටම පෙන්වා දීපු, ලංකාවේ පාලකයන්ට ලණු දීපු නොම්බර එකේ ආර්ථික ඝාතකයා, බැසිල් රාජපක්ෂගේ න්‍යාය පත්‍රය අනුව ගෝඨාභය රාජපක්ෂට ඒ විදිහට ලණු දුන්නා වැරදි තීරණ ගන්න.

දැන් තෙල් ටික QR කේතයක් හරහා ලැබෙනවා. ලයිට් කැපෙනවාත් අඩුයි. උන්නු හැටියට මළා මදැයි' කියලා කාට හරි හිතෙන්න පුළුවන්. නමුත් මේ විදියට තව කොපමණ කලක් යන්න ද? 'ලංකාවේ රෝහල්වල බෙහෙත් ටික නැහැ' කිව්වාම සංචාරකයන් එනවා ද? මේ හැම ප්‍රශ්නයක්ම එකිනෙක බැඳී තිබෙනවා. කළු සල්ලි ඩොලර් වෙළෙඳපොළ අකර්මණ්‍ය කර තිබෙනවා ද ?නැහැ. විදේශ විනිමය පනත සංශෝධනය කළා ද? නැහැ. කර්මාන්තකරුවන් අපේ රටේ නිෂ්පාදන පිටරටවලට විකුණලා ලබන ආදායමෙන් 1/4යි රට තුළට එන්නේ.

අපට හිමි මුළු ඩොලර් ප්‍රමාණයවත් රට තුළට ගෙන්වා ගන්න සැලැස්මක් නැහැ. එමගින් පෙනෙනවා මේ යන්නේ අර්බුදය විසඳන්න නොවෙයි, එය තීව්‍ර කරමින් ගිහිල්ලා මහජනයා තවතවත් විෂම මනසකට ඇද දමලා, ඒ මනස පාවිච්චි කරලා සාමාන්‍ය කාලයකදී කරන්න බැරි වුණු සකල පාවාදීම් ටික සිදු කරන්නයි මේ යන්නේ.‘