world-cup-updates

ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරග දෙකකදී නෙදර්ලන්තය සිම්බාබ්වේ පිල පරදන්නටත් ඉන්දියාව බංගලිදේශය පරදන්නටත් සමත් විය.
සිම්බාබ්වේ පිල ලකුණු 117 ක ඉලක්කයක් ලබාදුන් තරගයේ නෙදර්ලන්ත පිල 18 වන ඕවරයේදී එම ඉලක්කය පසුකර ගිය අතර කඩුළු 5 ක පහසු ජයක් හිමි විය.
සුපිරි 12 වටයේ ඉදිරි බලාපොරොත්තු නැති නෙදර්ලන්ත පිල එම වටයේ ලබාගත් පළමු ජයග්‍රහණය එය විය.



ඉන්දියාව හා බංගලිදේශය අතර අද පැවති තරගය ඉන්දියාව ජයගත්තේ ඩක්වත් ලුවිස් න්‍යායටය. මුලින් පන්දුවට පහරදී ඉන්දියාව රැස් කළ ලකුණු 184 විශාල ඉලක්කය කරා යාමට බංගලිදේශය උත්සාහ කළ අතර වර්ෂාව ඇදහැලීම නිසා ඔවුනට ඕවර 16 කදී ලකුනු 151 ක්ලබාගන්නට දන්වා සිටින ලදි. එම අවස්ථාවේ බංගලිදේශය රැස් කළේ ලකුණු 145 කි. මේ නිසා ඩක්වත් ලුවිස් න්‍යාය මත පදනම්ව ඉන්දියාව ජයගත්තේය. අද දින තරගයේ කෝලි 64 ක්ද රහුල් 50 ක් ද රැස් කලේය. බංලිදේශ පිලේ ලිටන් ඩාස් 60 ක් රැස් කළේය.

මෙම ජයග්‍රහණය සමග ඉන්දියාව 2 වන කාණ්ඩයේ මුලට පැමිණ තිබෙන අතර දකුණු අප්‍රිකාව දෙවැන්නා විය. බංගලිදේශය තෙවැනි තැනයි.ඉන්දියාවට දැනටමත් අවසාන පූර්ව වටයට යාමට අවශ්‍ය ජයග්‍රහණ ලබාගෙන ඇත.
තරගාවලියේ සුපිරි 12 වටයේ ඉදිරි තරග පහත පරිදිය
Nov 03, Thu
Pakistan vs South Africa,Sydney

Nov 04, Fri
New Zealand vs Ireland, Adelaide
Australia vs Afghanistan, Adelaide

Nov 05, Sat
England vs Sri Lanka, Sydney

Nov 06, Sun
South Africa vs Netherlands, Adelaide
Pakistan vs Bangladesh, Adelaide
India vs Zimbabwe, Melbourne