අද (1) දින ඕස්ට්‍රෙලියාවේ පැවති විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානේ තරග දෙකක් සුපිරි 12 වටයේ 1 කාණ්ඩයේ රටවල් වලට සිය ස්ථාන පිළිබඳ තීරණාත්මක සංඥා ලබාදුන්නේය.
අද ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකා පිල කඩුලු 6 කින් ජයගත් අතර මේ නිසා දහවල් වනවිට ශ්‍රීලංකාව සටහනේ තෙවැනි තැනට පත් විය. අනතුරුව එංගලන්තය විසින් අද සවස වනවිට නවසීලන්තය පරාජයට පත්කරන ලද නිසා මෙතෙක් සිව්වැනි තැන සිටි එංගලන්තය සටහනේ දෙවැනි තැනටත් ශ්‍රී ලංකාව තුනේ සිට 4 ටත් වෙනස් විය.
මේ හේතුවෙන් මෙවර ලෝක කුසලාන සුපිරි 12 වටයේ අවසන් දින කිහිපය තීරණාත්මක කර ඇති අතර එතෙක් අවසන් පූර්ව වටයට තේරෙන කන්ඩායම පැහැදිලි නැත.
දැනට 1 කාන්ඩයේ පළමු ස්ථාන 4 සිටින නවසීලන්තය එංගලන්තය ඕස්ට්‍රෙලියාව හා ශ්‍රී ලංකාව තරග 4 බැගින් තරග කර 2 ක් පමණක් ජයග්‍රහණය කර ඇත. ප්‍රසාද ලකුණු සැලකීමේදී ශ්‍රී ලංකාව හැර අනෙක් රටවල් තුනට ප්‍රසාද ලකුණු 5 බැගින් ඇති අතර ශ්‍රීලංකාවට ඇත්තේ 4 කි. මීට හේතුව අනෙක් රටවල් තුනම වර්ෂාව නිසා අත්හළ තරග වලින් ලබාගත් ලකුණු සහිත වීමයි.
මේ අනුව 1 කාණ්ඩයේ ඉදිරි තරග අනුව අවසන් පූර්ව වටයට තේරෙන කණ්ඩායම් දෙක මෙසේ වෙනස් විය හැකිය.
නොවැ 04 - New Zealand vs Ireland
New Zealand දිනුවොත් ප්‍රසාද ලකුණු 7
Ireland දිනුවොත් ප්‍රසාද ලකුණු 5
නොවැ 04- Australia vs Afghanistan
Australia දිනුවොත් ප්‍රසාද ලකුණු 7
Afghanistan දිනුවොත් ප්‍රසාද ලකුණු 4
නොවැ 05-England vs Sri Lanka
ශ්‍රී ලංකාව දිනුවොත් ප්‍රසාද ලකුණු 6
එංගලන්තය දිනුවොත් ප්‍රසාද ලකුණු 7
ඒ අනුව අවසන් පූර්ව වටයට යාම සඳහා ශ්‍රී ලංකා පිල එංගලන්තය සමග 05 වනදා පැවැත්වෙන තරගය ජයගත යුතු අතරම ඒ වනවිට ඕස්ට්‍රෙලියාව හෝ නවසීලන්තය යන රටවල් දෙකින් එකක් හෝ 04 වනදා පැවැත්වෙන තරග වලින් පරාජයට පත්ව තිබීමද අවශ්‍ය වේ.
0 Comments