අම්පාර, මහඔය අධ්‍යාපන කලාපයේ පාසලක පහ ශ්‍රේණියේ සිසුවියන් හය දෙනෙකු අපයෝජනය කිරිම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ගුරුවරයෙකු දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 21වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් එම්. වාසල මහත්මිය ඊයේ (15දා) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, 54 හැවිරිදි පුද්ගලයෙකි.මහඔය පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති චන්දන වීරසිරි මහතාට ලැබුණු තොරතුරක් අනුව මහඔය පොලීසියේ කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් විසින් දෙමවුපියන්ගෙන් සහ දරුවන්ගෙන් සාක්කි සටහන් කර ගැනීමෙන් මහඔය පොලීසීය මගින් සැකකාර ගුරුවරයා පෙරේදා (14දා) අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුව පොලීසිය විසින් අපයෝජනවලට ලක්වුවා යැයි කියන දැරියන් මහඔය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර තිබේ. මෙම චෝදනාව අත්අඩංගුවට ගත් ගුරුවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවද වාර්තාවේ.
එම සැකකාර ගුරුවරයා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරිණ.මහඔය පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන වීරසිරි සහ මහඔය පොලිස් ස්ථානයේ ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කා.පො. සැ.සමරකොන් මහත්මිය ඇතුළු නිලධාහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.
0 Comments