Dhananjaya-de-Silva-is-the-next-captain-of-Sri-Lanka-Cricket-a-prediction-from-Vas

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අනාගත නායකත්වයට පත්විය හැකි බව ප්‍රවීණ ක්‍රීඩක හා පුහුණුකරු චමින්ද වාස් පවසයි.


එල්පීඑල් තරගාවලිය සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ විකාශයවූ වැඩසටහනකට එක්වෙමින් වාස් පෙන්වා දුන්නේ ධනංජය ද සිල්වා දැනටමත් ක්‍රිකට් ක්‍රීඩාවේ ටෙස්ට්, එක්දින ජාත්‍යන්තර සහ විස්සයි20 ආකෘති තුනේම සාර්ථකව ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බවයි.
වාස් ප්‍රකාශ කළේ ධනංජය ද සිල්වාට ක්‍රීඩාව පිළිබඳ හොඳ අවබෝධයක් ඇති බවත්, දක්ෂ බවත්, ක්‍රීඩා කිරීමේදී ඉතා හොඳ සිතීමේ හැකියාවක් තිබෙන බවත්ය.

“මගේ පෞද්ගලික මතය අනුව, මම හිතන්නේ ධනංජය ද සිල්වා නායකත්වයට වඩාත් සුදුසු වන්නේ ඔහුට ආකෘති තුනෙන්ම දස්කම් දැක්වීමට හැකි නිසා. ධනජයට ලංකා ප්‍රිමියර් ලීග් කණ්ඩායමක නායකත්වයට පත්වීමෙන් ඉදිරියේදී වාසියක් අත්වේවි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

ධනංජය ද සිල්වා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පැමිණීමට පෙර ඔහු සමඟ එක්ව කටයුතු කර ඇති බව සඳහන් කළ වාස්, හොඳ සිතීමේ ශක්තියක් ඇති එවැනි ක්‍රීඩකයන් නායකත්වයට හැඩගැන්විය යුතු බවත් පැවසීය.