
ඉන්දියාවේ සුඛෝපභෝගී හෝටලයක් තුළදී ජනේලයකින් ඇද වැටීමෙන් මරණයට පත් වූ බව පැවසෙන රුසියානු ජාතික ධනවතෙකු වන පාවෙල් ඇන්ටොව්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි ඉන්දියානු බලධාරීන් පවසයි. 65 හැවිරිදි වියේ පසුවන ඇන්ටොව් රුසියානු දේශපාලනයටද සම්බන්ධ පුද්ගලයෙකු ලෙස සැලකෙයි. එසේම ඔහු රුසියාවේ යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියානු රජය දැඩි විවේචනයට ලක්කළ පුද්ගලයෙකුවීම ඔහුගේ මරණය පිළිබදව විශේෂත්වයක් ගැනීමට හේතු වී තිබේ.
ඇන්ටොව් තවත් රුසියානු ජාතිකයන් තිදෙනෙකුද සමග පසුගියදා නිවාඩුවක් ගත කිරීම සඳහා මෙලෙස ඉන්දියාව වෙත පැමිණ තිබේ. ඔහු හෝටලයක කාමරයක ජනේලයකින් වැටී මියගොස් තිබුණි.ඔහුගේ මරණයට දින දෙකකට පෙරාතුව මේ අතරින් එක් අයෙකුද හදිසියේම ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝගාතුර වී ඇතැයි ඉන්දියානු බලධාරීන් පවසයි. මෙම මරණය පිළිබඳ පරීක්ෂණ යටතේ හෝටලයේ ආරක්ෂිත කැමරා දර්ශන නිරීක්ෂණය මෙන්ම, හෝටලයේ කාර්යමණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්ද ඇතුළත් බව ඉන්දියානු පොලීසිය සදහන් කරයි. මෙම මරණය හදිසි අතපසුවීමක් නිසා සිදුවූවක් බවට දැනට විශ්වාස කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval