The-millionaire-who-caused-the-Kollupitiya-fatal-accident-has-fled-the-country

ආන්දෝලනයට ලක්වූ කොල්ලුපිටිය බෙන්ස්- ත්‍රීරෝද රථ මරණීය අනතුරින් පසු බෙන්ස් රථය පැදවූ කෝටිපති ව්‍යාපාරිකයා රටින් පළාගොස් ඇතැයි සැකකරන සාක්ෂි ලැබී තිබේ.
 අනතුර සම්බන්ධයෙන් පරීක්ෂන පවත්වන පොලිසිය පලාගිය රථයේ රියැදුරු කෝටිපති ව්‍යාපාරිකයකු බවත්, ඔහු උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරමේ නිරත වන්නකු බවට තොරතුරු හෙළිවී ඇති බවත්
පවසා තිබුණි.

අනතුරින් පසු සැකකරුට අයත් යයි සැලකෙන නිවාස දෙකක් දෙහිවල සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පරීක්ෂාවට ගිය පොලිසියට හිස් අතින් යළි එන්නට සිදුවූයේ ඒවායේ ඔහු නොසිටීම නිසාය.
සීබීඑච් 9538 බෙන්ස් රථය පැදවූ මොහොමඩ් රසුවුල් මොහොමඩ් රිසාක් නමැති මෙම කෝටිපතියා මේ වනවිට රටින් පළාගොස් ඇතැයි සැකයක් මතුව තිබේ.
ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත් විට ‘විදේශ ගතවී ඇති බවටත් රෝමිං පහසුකම  හරහා ඇමතුමට සම්බන්ධ වන බවටත්‘ පටිගත කළ නිවේදනය ඇසෙන අතර ඔහු පළායන්නට පෙර එය වැළැක්වීමට පියවරක් නොගත්තේද යන සැකය මතුවේ. මේ සම්බන්ධ පරීක්ෂණ පවත්වන පොලිසිය ඔහුව තවමත් ලංකාවේ සොයමින් සිටී.



රාත්‍රී සමාජ ශාලා තුනකට ගොස් මත්පැන් පානය කළ බව කියන 5 දෙනෙකුගේ පිරිසක් රැගත් බෙන්ස් වර්ගයේ මෝටර් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව කොල්ලුපිටිය ගාලු පාරේ ඇල්ප්‍රඩ් මාවතේ දී පෙරේදා (10) උදේ ත්‍රිරෝද රථයක ගැටී සිදුවූ මෙම අනතුරින් ත්‍රිරෝද රථ රියැදුරු එම ස්ථානයේදීම මියගියේය.
The millionaire who caused the Kollupitiya fatal accident has fled the country?