air-polution-level-colombo

අද (11) කොළඹ නගරයේ වායුගෝලයේ ගුණාත්මක භාවයේ සුළු වර්ධනයක් දක්නට ලැබුණු නමුත් මහනුවර සහ යාපනයේ සෞඛ්‍යයට අහිතකර මට්ටමක පැවතුණි.


වායු තත්ත්ව දර්ශකයට අනුව මහනුවර සෞඛ්‍යයට අහිතකර 157ක් සහ යාපනය 153ක් ලෙස සටහන් විය.
කොළඹ වායු තත්ත්ව දර්ශකය 103 කි.එය සෞඛ්‍යයට අහිතකර 150 ට වඩා අඩු අගයක් විය.
බ්‍රහස්පතින්දා කොළඹ වායු තත්ත්ව මට්ටම සෞඛ්‍යයට අහිතකර 186ක් වූ නමුත් සිකුරාදා එය 197 දක්වා වැඩි විය.
සඳුදා වනවිට තත්වය හොඳ අතට වෙනස් වනු ඇතැයි කාලගුණවිද්‍යා අංශ අනාවැකිපවසා ඇත.