ambalangoda-incident

අම්බලන්ගොඩ, පටබැඳිමුල්ල වෙරළ තීරයේදී ඊයේ (27දා) මුහුදේ ගසාගෙන ගිය රුසියානු ජාතික ගැබිනි කාන්තාවක් බේරා ගැනීමට අම්බලන්ගොඩ, හෙප්පමුල්ල ප්‍රදේශයේ පදිංචි සංජය කුමාර සමත් විය.

ඔහු මෙසේ දිවි බේරාගෙන ඇත්තේ මෙරට සංචාරයක් සඳහා පැමිණ අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක රැඳී සිටි රුසියානු ජාතික ලීලා නමැති කාන්තාවකි.

තමා ගැබිනි කාන්තාවක් බවත්, මුහුදේ ගසාගෙන යන විටදී සංජය කුමාර තමා බේරා නොගත්තේ නම් මරණය අනිවාර්ය බවත් ඇය සඳහන් කළාය.


එම්. සුසිල් ප්‍රියන්න