basil-rajapaksa-nelummw-speaks
බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය මධ්‍යස්ථානයේ 4 වැනි සංවත්සර සැමරුම අද (05) පෙරවරුවේ  පැවැත්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙනි. එහිදී බැසිල් මෙසේ කීය.

'මැතිවරණය කියන්නෙ එක්තරා විදිහක ජනතාවගේ කැමැත්ත අකමැත්ත. ජනතාවගේ කැමැත්ත දිනාගැනීම සඳහා පක්ෂයක් හැටියට අපි උත්සාහ කරනවා. මෙතෙක් මූණ දීපු හැම මැතිවරණෙම අපි ජයගත්තා. ඒ ගැන සමස්ථ ජනතාවට ස්තූති වෙනවා. ඔවුන්ගේ බලාපොරොත්තු සීයට සීයක් ඉෂ්ට කිරීමට බැරිවුණානං ඒ ගැන කණගාටු වෙනවා. ඒ අඩුපාඩු නිවැරදි කරගෙන ජනතාව වෙනුවෙන් වැඩ කරන්න සූදානම් වෙනවා..

ඉදිරියටත් රාජ්‍ය පාලනයේ මං නැහැ දේශපාලනේ ඉන්නවා. පාර්ලිමේන්තුවට දැන් නැවත එන්න බෑනේ.21 න් පස්සේ කොහොමත් බෑ. අපි ජනපතිතුමාට වගකීම දුන්නා.
 බලාපොරොත්තු වුනේ 69 ලක්ෂයක් ඡන්දෙ දීලා ගෝඨාභය නායකයා කරන්න. එතුමා ඉල්ලා අස්වුණා.

පසුව කෙනෙක් තෝරගන්න ඕන වුණා.
ඒ වෙලාවෙ ඉතාම සුදුසු කෙනා පාර්ලිමේන්තුවෙන් අපි තෝරගත්තා. මං හිතනවා ඒ තීරණේ හරි කියලා.
අපේ පක්ෂ විපක්ෂ හැමෝටම නිදහසේ දේශපාලනේ කරන්න ඉඩ සැලසිය යුතුයි කියන එක මං හිතන්නෙ... ඔහු ඒක කරනවා.එයා ඇතුළෙ හිටපු අපිට එළියට බහින්න අවස්ථාව සලසලා දුන්නා. ආර්ථික ප්‍රශ්න විසඳාවි කියලත් බලාපොරොත්තු වෙනවා.
පක්ෂය කැඩිලා නැහැ අපි ජනතාව තුළ එකට ඉන්නවා. පක්ෂයේ නිල වශයෙන් සභාපති තාම ජීඑල් පීරිස් ඒක වෙනස් වෙයි.
අපේ පක්ෂයේ ස්ලෝගන් එක වුනේ වෙනස්ව හිතන්න බිය නොවන්න කියලා.ඒක ඕනවට වැඩිය ගියා කියලත් අපි හිතනවා මහින්ද මහත්තය තාම අපේ පරමාදර්ශී නායකයා. එතුමා අනුව තමා අපි වැඩ කරන්නෙ.

දැන් නිල වශයෙන් මැතිවරණයකට කාලෙ ඇවිල්ල තියෙන්නෙ. කොයි විදිහට සිද්ධ වේද දන්නෑ.අපි පක්ෂයක් හැටියට ඕනම මැතිවරණයකට සූදානම්. '