Brent-Riveras-challenge-to-date-100-girls-in-24-hours

ඇමරිකාවේ ප්‍රකට යූ ටියුබ් තාරකාවක් ලෙස සැලකෙන බ්‍රෙන්ට් රිවේරා නිකුත් කළ නවතම වීඩියොවකින් තමන් සමග ඇසුරු කිරීමට (Dating) ගැහැනු ළමයින් තෝරන පරීක්ෂණයක් ඉදිරිපත් කර තිබේ. ගැහැණු ළමයින් 100 දෙනෙකු සමඟ ඇසුරු කිරීමෙන් පැය 24 කට පසු, මට මගේ නව සිහින ගැහැණු ළමයා හමු විය! යනුවෙන් වීඩියෝව අවසානයේ ඔහු සටහන් තබයි.
24 හැවිරිදි බ්‍රෙන්ට් රිවේරා  ඇමරිකානු සමාජ මාධ්‍ය තුළ ප්‍රකට නළුවෙකි. ඔහු ප්‍රථමයෙන් ජනප්‍රියත්වය ලබා ගත්තේ දැන් අක්‍රිය වී ඇති වීඩියෝ සේවාවක් වන වයින් හරහාය. ඔහුට Instagram , TikTok සහ YouTube හි විශාල අනුගාමිකයින් පිරිසක් සිටින අතර 2020 දී සෑම මසකම සමාජ මාධ්‍ය නැරඹීම් බිලියන 10ක් වාර්තාකර ඇත.
 ඔහු ඇමරිකානු ස්ට්‍රීමින් සම්මාන උළෙල කිහිපයකදීම සම්මානයටද පාත්‍රවී ඇත.
 ඔහුගේ සොහොයුරිය ලෙක්සි ද සමාජ මාධ්‍ය චරිතයකි. ඔහුගේ අභියෝගයට අදාළ Video පහතින්