Transportation-of-mutton-and-beef-is-suspended-by-order-of-the-President

උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් හදිසියේ මිය යාම හේතුවෙන් මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර තිබේ.



 ශීත කාලගුණ තත්ත්වය හමුවේ උතුර, නැගෙනහිර පළාත්වල මියගිය ගවයන් සහ එළුවන්ගේ සංඛ්‍යාව අද (10) දහවල් වනවිට  620 දක්වා ඉහළ ගොස් තිබෙයි. උතුරු පළාතේ යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්කවල මෙලෙස සතුන් මියයාම වැඩි වශයෙන් වාර්තා වී ඇත. පශූ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් නුවන් හේවාගමගේ සඳහන් කළේ ගවයන් 370 දෙනෙකු, එළුවන් 222 දෙනෙකු උතුරු පළාතේ පමණක් මියගොස් ඇති බවත්, සෙසු මරණ නැගෙනහිර පළාතෙන් වාර්තා වන බවත්ය.
මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා එළුමස් සහ ගව මස් දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර තිබුනේ මෙම පසුබිමේය.