According-to-Saturday-10-morning-the-air-pollution-is-higher

පසුගිය දිනවල වාර්තාවූ දූවිලි සහිත වායුගෝලීය වෙනස ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වලින් තවමත් පහව ගොස් නැති අතර සෙනසුරාදා (10) උදෑසන නිකුත්වූ දත්ත අනුව තවත් ඉහළ ගොස් ඇතිබව පෙන්නුම් කරයි.


නගර අනුව නවතම දත්ත අද පෙරවරු 8ට නිකුත් කරන ලද අතර  වායු තත්ත්ව දර්ශකයට අනුව ඊයේ දිනයට සාපේක්ෂව ඇතැම් ප්‍රදේශවල පරිසර දූෂණ මට්ටම්වල වැඩිවීමක් වාර්තා විය.

  •      කොළඹ 191
  •      බදුල්ල 169
  •      කෑගල්ල 155
  •      කළුතර 146
  •      මහනුවර 126
  •      රත්නපුර 114
  •      කුරුණෑගල 106
  •      ගාල්ල 97

(101 - 150 සංවේදී කණ්ඩායම් සඳහා සෞඛ්‍යයට අහිතකර ලෙස සැලකේ)