Noras-case-against-Jacqueline-is-on-the-way

ඉන්දීය බොලිවුඩ් නිළියන් පටළැවුණ සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ වංචා නඩුවේ නෝරා සහ ජැකලින් ෆර්නැන්ඩස් දැන් මුහුණට මුහුණට මුහුණ එදිරිවාදිකම් පාන්නට පටන්ගෙන තිබේ. නෝරා ජැකලින්ට එරෙහිව දිල්ලි පටියාලා හවුස් උසාවියේ අපහාස නඩුවක් ගොනු කර ඇත. විවිධ හේතූන් මත ජැකලින්ට තම ප්‍රතිරූපය කැළැල් කිරීමට අවශ්‍ය වූ බව නෝරා චෝදනා කරයි. මීට අමතරව නෝරා මාධ්‍ය ආයතන රැසකට එරෙහිව අපහාස නඩුවක් ද පවරා තිබෙයි.



නෝරා සිය පෙත්සමේ සඳහන් කර තිබුණේ ‘තමුන් දෙදෙනාම එකම ක්ෂේත්‍රයට අයත් අය බැවින් ජැකලින් තමාගේ වාසිය දැක සාපරාධී ලෙස  අපකීර්තියට පත් කිරීමට උත්සාහ කර ඇති’ බවයි.
NOra Fatehi වැනි ජනප්‍රිය තරු සුකේෂ් චන්ද්‍රසේකර්ගෙන් තෑගි ගත් නමුත් වංචා විමර්ශනයේදී ඇයව සාක්‍ෂිකාරියක කරනු වෙනුවට ඇයව වරදට පත් කර ඇති බව Jකියමින් ඇය නඩුව ගොනු කර ඇත.
මුදල් විශුද්ධිකරණ නඩුවේ ප්‍රශ්න කිරීම සඳහා ජැකලින් සහ නෝරා දෙදෙනාම කිහිප වතාවක්ම කැඳවා ඇති අතර නෝරා සිය පෙත්සමෙන් කියා සිටියේ තමා සුකේෂ් සමඟ සෘජු සම්බන්ධතා නොමැති බවයි. ඇය ඔහුව හඳුනන්නේ ඔහුගේ බිරිඳ ලීනා මරියා පෝල් හරහා පමණක් බවයි.

එපමණක් නොව සුකේෂ්ගෙන් තෑගි ලැබුණු බවට එල්ල වන චෝදනාද නෝරා ප්‍රතික්ෂේප කර තිබෙයි. නෝරා පවසන්නේ මාධ්‍ය නඩු විභාගය හේතුවෙන් තම කීර්ති නාමයට හානි සිදු කරන්නේ ජැකලින්ගේ පෙළඹවිම් මත බවත් එයට ඇය වගකිවයුතු බවත්ය.

පටියාලා අධිකරණය දෙසැම්බර් 19 වැනිදා නැවත නඩුව විභාග කිරීමට නියමිතය.