කප්පම් මුදලක් ලබාගැනීම සඳහා ධීවර තරුණයකුගේ අතේ සුළැඟිල්ල කපා දැමූ දෙදෙනකු පෙරේදා (20 වැනිදා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.දඹුල්ල කණ්ඩලම ප්රදේශයේ ධීවර රැකියාවේ නිරතවන දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවත් කප්පම් මුදල් ලබා නොදීම නිසා
අතක සුළැඟිල්ල මාළු පිහියෙන් කපා ඉවත් කර ඇත්තේ ද එම ප්රදේශයේ ම පදිංචි තවත් ධීවර රැකියාවේම නිරතව සිටින්නකු බව දඹුල්ල පොලිසිය වැඩිදුරටත් කියයි.අතේ සුළැඟිල්ල අහිමිව සිටින පුද්ගලයා මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ ප්රතිකාර ලබයි.සිද්ධියට සම්බන්ධ ධීවරයන් දෙදෙනා තුවාල ලබා ඇති ධීවරයා කණ්ඩලම වැව් ඉස්මත්තට රැගෙන ගොස් ඔහු සතුව තිබූ රුපියල් දාහතර දහසක් මුදල් සහ ජංගම දුරකතන පැහැරගෙන ගොස් තිබෙන බවත් මේ වනවිට ජංගම දුරකතනය අලෙවි කොට තිබියදී සොයාගත් බවද පොලිසිය කියයි.කණ්ඩලම වැව ඉස්මත්තට රැගෙන ගොස් ඔහු සතුව ඇති මුදල් ලබා දෙන්නැයි තරවටු කළ බවත් එසේ නොවන්නේ නම් මාළු කපන පිහියෙන් තමන්ගේ ගෙල කපා දමන බවට තර්ජනය කළ බවත් තුවාලකරු පොලිසියට ප්රකාශ කොට තිබේ.
පැය කිහිපයක් මුදල් ලබා නොදී රුපියල් 500ක මුදලක් පමණක් ලබාදීමට කැමැත්ත පළ කළ බවත් පසුව එම ධීවරයාට පහරදී ගෙල කපා ඝාතනය කිරිමට සූදානම් වෙද්දී ඔහු ජීවිතය බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරතව ඇතැයි පොලිසිය කියයි. පසුව ඔහුගේ සුළැඟිල්ල කුඹුක් ගසක කොටයක් මත තබා එක ධීවරයකු අල්ලාගෙන සිටියදී අනෙක් ධීවරයා මාළු කපන පිහියෙන් සුළැඟිල්ල ඇඟිල්ලෙන් වෙන්ව බිමට වැටෙන්නට කපා දමා ඇතැයි පොලිස් පරීක්ෂණවල දී හෙළිවී තිබේ.
කාංචන කුමාර ආරියදාස
0 Comments