ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් (51) මහතා බොරැල්ල සුසාන භූමියේදීසිය මෝටර් රථය තුළ කෲර වධ හිංසනයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා සීසීටීවී කැමරා 42 ක් පරීක්ෂාවට ලක්කර පුද්ගලයන් 25 දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.ප්‍රකාශ සටහන් කරගත් පිරිස අතර, ප්‍රවීණ ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතා නිවේදක චමුදිත සමරවික්‍රම මහතා ඇතුළු පිරිසක් සිටින බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
චමුදිත සමරවික්‍රම මහතා දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සිදුවූ දිනම, එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් යුටියුබ් නාලිකාවකට ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වශයෙන් හිටපු ගුවන් හමුදා නිලධාරියකු වූ කීර්ති රත්නායක නමැති අයකු සමග විනාඩි 40 ක පමණ කාලයක් පුරා සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් ඔහුගෙන් මෙම ප්‍රකාශය ලබා ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
දැනට සිදුකළ විමර්ශන අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු කිසිවක් අනාවරණය වී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග කියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය, බොරැල්ල පොලිසියසහ බුද්ධි අංශ එක්ව සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන සිදුකරන බව ද පොලිසිය පවසයි.
ඝාතනයට ලක් වූ සභාපතිවරයා පැදවූ බව කියන මෝටර් රථයේ විද්‍යුත් දත්ත සහ ඔහු පරිහරණය කළ ජංගම දුරකථනයේ දත්ත ද පරීක්ෂාවට ලක් කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග කියයි. ප්‍රවීණ ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතා හමුවීමට යන බව පවසා සභාපතිවරයා ඉකුත් 15 වැනි දින පස්වරු 1.30 පමණ කොළඹ මල්පාරේ නිවසින් පිටත්ව ගොස් ඇති අතර එදින ම රාත්‍රියේ ඔහු බිරිඳ සමග එංගලන්තය බලා යෑමට නියමිතව සිටි හෙයින් බිරිඳ ඔහුට වරින්වර ඇමතුම් ලබාගෙන ඇති බවට පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත. සැමියාගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර තැබීම හේතුවෙන් ඇති වූ සැකයක් මත බිරිඳ දුරකතනය මෘදුකාංගයක් ඔස්සේ සිදුකළ පරීක්ෂා කිරීමේ දී සැමියාගේ මෝටර් රථය බොරැල්ල සුසාන භූමියේ ඇති බවට තොරතුරු හෙළි කරගෙන තිබේ.
ඒ ඔස්සේ ආයතනයේ විධායක නිලධාරියකු බොරැල්ල සුසාන භූමියට යවා සිදුකළ සොයා බැලීමේ දී සභාපතිවරයා කෲර වධහිංසාවට ලක්ව මෝටර් රථය තුළ වයරයකින් බැඳ දමා සිහිසුන්ව සිටිනු දැක ඔහු තවත් පුද්ගලයකුගේ උපකාරයෙන් සභාපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එදින රාත්‍රියේම සභාපතිවරයා මියගොස් තිබිණි. මෙම ඝාතනය සම්බන්ධයෙන් සභාපතිවරයා සමඟ අමනාපයෙන් සිටි පිරිස් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ, අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්ද, බොරැල්ල පොලිස් ස්ථානාධිපති එම්.ජේ.ඒ.ආර් සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිරෝෂ් වික්‍රමරත්න මහතා ප්රමුඛ පොලිස් කණ්ඩායමක් ද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ඉන්දිකා රාමනායක
0 Comments