ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රෙලියාවට සංක්රමණයවී මෙල්බන් නුවර වාසය කරමින් සිටි පවුලක ඇතිවූ ආරවුලක් හේතුවෙන් බිරියක සැමියාගේ පිහි ඇනුම් නිසා මරණයට පත්වීමේ ඛේදනීය සිදුවීමක් පසුගිය සෙනසුරාදා (3) වාර්තාවී තිබේ.
මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්වූයේ දෙදරු මවකවූ 43 හැවිරිදි මෙලනි පෙරේරාය. ඇය මෙල්බර්න්හි ගිනිකොණදිග උප නගරයක් වන Sandhurst හි පිහිටි ඇයගේ Wodalla Circuit house හි ලේ විලක් මැද මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.
ඇගේ සැමියා වන 45 හැවිරිදි දිනුෂ් කුරේරා මෙම පවුල සමග විරසකව වෙන්ව වාසය කරන අතර ඔහු නිවසට පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බව සාක්ෂි අනුව තහවුරු වෙයි.
සෙනසුරාදා රාත්‍රී කාලයේ නිවසට පැමිණි දිනුෂ් නිවසේ සිටි මෙලනිට පිහි පහර එල්ල කර ඇති අතර එය බේරාගන්නට ගිය 14 හැවිරිදි පිරිමි දරුවාටද පිහිපහර එල්ල කර ඇත. ආරවුල මැද කරන්නට දෙයක් සිතාගත නොහැකිව භීතියට පත් 16 හැවිරිදි දියණිය අසල්වාසී නිවසකට ගොස් දොරට තට්ටු කර ‘කරුණාකර උදව් කරන්න‘ යයි ඉල්ලා තිබේ. එම අවස්ථාවේ ඔවුන් පැමිණෙන විට ඝාතකයා සියල්ල සිදුකර පළාගොස් අවසන්ය. මෙලනි ලේවිලක් මැද මියගොස් සිටි අතර 14 හැවිරිදි පුත්‍රයා බරපතල තුවාල සහිතව ඇදවැටී සිටියේය. අසල්වාසීන් දරුවාව රෝහල් ගත කරන්නට කටයුතු කර තිබේ.
මෙලනි හා දිනුෂ් දෙන්නා විවාහයෙන් වසර 20 කට පමණ පසු ඇතිවූ මතභේද නිසා මීට වසරකට පමණ පෙර වෙන්ව වාසය කරන්නට පටන්ගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. දරුවන් සමග මෙලනි Sandhurst නිවසේ පදිංචිව සිටි අතර සැමියා සිටියේ වෙනත් තැනකය.
ගතවූ කාලයේ සැමියාගෙන් නිරන්තර කරදර පැමිණි බව ඇය මිතුරන්ට පවසා තිබේ. කිසියම් හෝ අවස්ථාවක ඔහු නිවසට පැමිණ හිරිහැරයක් කරාවි යන සැකයට ඇය නිවසේ දොරගුළු පවා අලුත් කර ආරක්ෂාව සලසාගෙන සිටි බව කියා තිබේ.නමුත් සිද්ධිය වූ දිනයේ ඇයට බේරෙන්නට බැරි විය.
ඝාතන චෝදනා එල්ල වී ඇති දිනුෂ් කුරේරා ඉරිදා පස්වරුවේ මිනීමැරුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඇප ඉල්ලීමක් සිදු නොකළ ඔහු ලබන වසරේ අප්‍රේල් මස තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි වාර්තාවේ.
ඔවුන්ගේ 14 හැවිරිදි පුත්‍රයාට ගෙල ප්‍රදේශයට පිහි ඇනුම් එල්ලවීම නිසා තුවාල සිදුවී ඇත. ඔහු හදිසි ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර මේ වන විට බරපතල නමුත් ස්ථාවර තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි හෙළි කර තිබේ.
සමාජ මාධ්‍ය තුළ මියගිය මෙලනිගේ මිතුරෝ ඇගේ “කාරුණික” ගතිපැවතුම් වලට උපහාර පළ කළහ.
"නෙල් මගේ හොඳම යෙහෙළියක් .. ඇය මට මෙතෙක් හමු වූ පුදුමාකාර, කරුණාවන්ත හා නිහතමානී තැනැත්තියක්" එක් මිතුරියක ෆේස්බුක් හි ලියා ඇත.
“මේ ප්‍රවෘත්තිය ඇත්තක් කියලා මට විශ්වාස කරන්නත් බැහැ. මට නෙලෝමි පෙරේරාට සාධාරණයක් අවශ්‍යයි.." තවත් අයෙකු ලියා තිබුණි.
0 Comments