dompe-incident

දොම්පේ පොලිස් වසමට අයත් කපුගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකට වහලයෙන් බැස ඇතුළුවී එම නිවස තුළ තිබූ රුපියල් 7000ක මුදලක් සොරාගත් බව කියන 15 හැවිරිදි බාලවයස්කර දරුවකු එම මුදල් ද රැගෙන ප්‍රදේශය අතහැර පලාගොස් ඇතැයි දොම්පේ පොලිසිය පවසයි.



සැකකාර ළමයා පදිංචිව සිටින නිවෙසට යාබදව පිහිටි නිවසකින් මෙම මුදල් සොරාගෙන ඇතැයිද පොලිසිය කියයි. මුදල් හොරකම සිදුකළ බව කියන 15 හැවිරිදි දරුවාගේ මව මේ බව දොම්පේ පොලිසියට පෙරේදා (27) පැමිණිලි කර ඇතැයි දොම්පේ පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

මෙම දරුවා වැඩිහිටියන් කියන කිසිම දෙයක් අහන්නේ නැති හිතුවක්කාරී මුරණ්ඩු ගති ඇති දරුවකු බව එම දරුවාගේ මව පවසන්නේ යැයි  පොලිසිය සඳහන් කරයි. මුදල් සොරාගෙන පලාගිය මෙම දරුවා අත්අඩංගුවට ගැනීමට දොම්පේ පොලීසියේ අපරාධ විමර්ශන අංශය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය