මුහුණු පොතෙන් හාද වී තුන් මාසයක් එකට පවුල් කා කතකගේ රන් ආභරණ හා ඇඳුම් පැළඳුම් දීරැගෙන පලාගිය පුද්ගලයකු සම්බන්ධයෙන් නාඋල ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා විය. කළුතර ප්‍රදේශයේ පදිංචි අවිවාහකයකු යැයි සඳහන් කර ඇති මෙම පුද්ගලයා අවුරුදු 43ක වයසැති පුද්ගලයකු යැයි මෙම සිද්ධියට මුහුණදුන් කාන්තාව කියා සිටී.
මෙම කාන්තාව කියා සිටියේ මුහුණු පොත හරහා මිත්‍ර වූ මොහු තමන් පදිංචි නිවෙසට පැමිණ කාලයක් එකට පවුල් කෑ බවයි.ස්වාමී පුරුෂයාගෙන් වෙන්වී හුදකලාව වෙසෙන තමා පාළුව මකා ගැනීම සඳහා මුහුණු පොතේ මිතුරු මිතුරියන් සමග කතාබස් කරන බවද මෙම කාන්තාව සහන් කළාය.ඒ අතරතුර තමා සමග මිත්‍ර වූ පුද්ගලයා සිය නිවසේ සතුටින් කාලය ගත කළ බවද කියා සිටියාය.
තමා සන්තකයේ තිබූ පවුමක රන් මාලයක් හා නිවසේ තිබූ ඇඳ ඇතිරිලි කිහිපයක් ද සමගින් පසුගිය දිනෙක ඔහු නිවසින් ගොස් ඇති බවත් ඇය කියා සිටියාය. ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුම් ගත් අවස්ථාවල දී ළඟදීම තමන් බැලීමට පැමිණෙන බව කීවද මාස කිහිපයක සිට නැවත නොපැමිණීම තමන්ට සැක සහිත බව ද ඇය කියා සිටියාය.
මුහුණු පොතේ පෙම්වතා සම්බන්ධ තොරතුරු ඔහු විසින් මකා දමනු ලැබ ඇතත් කල්වේලා ඇතිව තමන් ඔහුගේ තොරතුරු රහසිගතව ළඟ තබාගෙන සිටි බවත් ඇය කීවාය.
සිදුකළ සොයා බැලීම්වලදී පුද්ගලයා මෙම රටේ විවිධ ස්ථානවල විවාහක, ස්වාමී පුරුෂයන් නොමැති කාන්තාවන් රවටා ඔවුන් සමග අඹුසැමි සම්බන්ධකම් පවත්වමින් ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් කටයුතු කරන්නකු බවට තොරතුරු අනාවරණය කරගත් කරගත් බව ඇය කියා සිටියාය.
ඉන්දික අරුණ කුමාර
0 Comments