මෙතෙක් බිහිවූ ලොව විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සැලකිය හැකි බ්‍රසීල පාපන්දු ශූර පේලේ වයස අවුරුදු 82 දී අභාවප්‍රාප්ත විය.
ඔහු තම රට වෙනුවෙන් වසර 21ක තරග දිවියක් තුළ තරග 1,363කදී ගෝල 1,281ක් රැස්කරමින් ලෝක වාර්තාවක් තැබුවේය.තරග 92කදී ගෝල 77ක් වාර්තාකිරීමද විශේෂිතය.
1958, 1962 සහ 1970 දී කුසලානය ඔසවමින් තුන් වතාවක් ලෝක කුසලානය සිය රටට දිනවූ එකම ක්‍රීඩකයා වන පේලේ 2000 දී FIFA හි සියවසේ ක්‍රීඩකයා ලෙසද නම් කරන ලදී.
පසුගිය වසර කිහිපය තුළ ඔහු වකුගඩු හා පුරස්ථි ග්‍රන්ථි ආශ්රිත ආබාධවලින් පීඩා විඳිමින් සිටියේය. බඩවැල ආශ්රිත පිළිකාවක් වර්ධනය වීම නිසා සැත්කමකින් පසු ඔහු දුබලවූ බවත් ඔහුගේ දියණිය මාධ්‍ය වෙත දන්වා තිබුණි.
පේලේගේ මරණය සැලවීමෙන් පසු බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
පේලේගේ හිටපු සමාජ ශාලාව වන සැන්ටොස් ඔහුගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ විස්තර නිකුත් කළේය. සඳුදා උදෑසන ඔහුගේ දේහය රෝහලේ සිට සමාජ ශාලාවේ Estadio Urbano Caldeira වෙත ගෙන යන අතර එහිදී මහජනතාවට ගෞරව දැක්වීම සඳහා රඳවනු ඇත.
0 Comments