
කොළඹ ගාලුමුවදොර පිටියේ පෙරේදා (27 වැනිදා) රාත්‍රී සිට ඊයේ (28 වැනිදා) අලුයම දක්වා පැවැති සංගීත සංදර්ශනයක දී එහි වේදිකාව මතට නැග සංගීත කණ්ඩායමට හා ගායකයන්ට හිරිහැරයක් හා කරදරයක් වන ආකාරයෙන් බීමතින් කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
පොලිස් කොස්තාපල්වරයෙක් කොටුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.වේදිකාව මතට නැග කලහකාරි ලෙස හැසිරුණු බව කියන පොලිස් කොස්තාපල් අල්ලා මෙල්ල කර ගැනීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයකුගේ දත්වලට හානි සිදුවී කොළඹ ජාතික දන්ත රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාගත් බව ද පොලිසිය පවසයි.
පොලිස් කොස්තාපල්වරයාගේ තොල පුපුරා යෑම නිසා එයට මැහුම් දෙකක් දැමීමට සිදුවී යැයි කොටුව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.අත්අඩංගුවට ගැනුණ කොස්තාපල්වරයා බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව රාජකාරි කරමින් සිටිය දී කොළඹ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටි අයකු යැයි ද පොලිසිය සඳහන් කරයි. මෙම කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකාරපොලිස් කොස්තාපල්වරයා ඊයේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි පොලිසිය කියයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval