අසාධාරණ බදු ක්‍රමවේදය වෙනුවට සාධාරණ බදු ක්‍රමවේදයන් හඳුන්වාදෙන ලෙස සහ ඖෂධ හිඟයට විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් ජනවාරි මාසයේදී කළු විරෝධයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.
එමෙන්ම අසාධාරණ බදු ක්‍රමවේදය වෙනුවට සාධාරණ බදු ක්‍රමවේදයන් හඳුන්වාදෙන ලෙස සඳහන් කරමින් වෛද්‍යවරුන් 20,000කගේ අත්සන් සහිත පෙත්සමක් අත්සන් කරමින් තිබෙන බවත්, එම පෙත්සම ජනවාරි 10වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙන බවත් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා,
“මේ වන විට බදු සංශෝධන කිහිපයක්ම ඇවිත් තිබෙනවා. මේ බදු ප්‍රතිපත්තිය සමස්ත ජනතාවටම පීඩාවක් කියලා අපි දිගින් දිගටම කිව්වා. මේ වගේ වෙලාවක ඒක සාධාරණ බදු ක්‍රමයක් නෙවෙයි. බදු ගෙවන එක අපිට ගැටලුවක් නෑ. ඒත් සාධාරණ වෙන්න ඕන. මේකේ අසාධාරණ අත්තනෝමතික බදු සංශෝධන ආපසු හරවලා සාධාරණ බදු ක්‍රමවේදයක් හඳුන්වාදෙන ලෙස බල කරමින් අපි මේ වන විට අත්සන් 20,000ක පෙත්සමන් අත්සන් කරනවා වෛද්‍යවරුන්ගේ. ඒක අපි ජනවාරි 10වැනිදා ජනාධිපතිවරයාට භාරදෙනවා.
ඊට සමගාමීව සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන ලෙස බල කරමින් සහ ඖෂධ හිඟයට අවශ්‍ය විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් අපි කළු විරෝධතාවක් සංවිධානය කරලා තිබෙනවා ජනවාරි 23 සිට 27 දක්වා වන සතියේදී, මේ රටේ සියලුම රෝහල්වල සියලුම වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් කළු කොඩි, කළු අත්පටි සහ අනිත් පැත්තෙන් විරෝධතා පවත්වන්න අපි සූදානම්. මේ සඳහා අනෙකුත් රාජ්‍ය ආයතන, වෘත්තිකයන් එකතු කර ගනිමින් තමයි අපි ගේ විරෝධතාව පවත්වන්නේ” යනුවෙන් පැවසීය.
දිනේෂ් සමරකෝන්
0 Comments