5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වී නිවසට යමින් සිටි සිසුවියක පැහැරගෙනයාමේ සිද්ධියක් අඹන්පොලින් වාර්තාවේ.
අඹන්පොල මධ්‍ය මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිට දැරියක මෙලෙස පැහැරගෙන ඇතත් දැරියගේ වාසනාවට දන්නා අඳුනන අය හමුවීම නිසා ඇයට කරදරයක් නොකර පැහරගත් පුදගලයා පළාගොස් ඇත
මහව අධ්‍යාපන කලාපයේ අබකොලවැව කනිටු විදුහලේ සිසුවියක වූ දැරිය අඹන්පොල අමුණුගම ග්‍රාමයේ පදිංචි දැරිවියකි.
ශිෂ්‍යත්ව විභාගය අවසන් ව යහලු යෙහෙලියන් සමගින් කුඩා ලොරි රථයකින් අමුණුගම හන්දියට ගොස් ඇති සිසුවිය එතැන් සිට පාගමනින් අමුණුගම නිවෙසට යන අතරමඟදී යතුරු පැදියකින් පැමිණ නාදුනන අයෙක් නිවසට ඇරලවීමට යැයි පවසා ඇය යතුරු පැදියට ගොඩ කරවාගෙන මෙලෙස පැහැරගෙන ගොස් ඇත.
යතුරු පැදිය නිවස පෙනි පෙනී වෙනත් මගකට හරවා ඇති අතර සිසුවියට පාසැල් උපකරණ ලබා දෙන බවට ප්‍රකාශ කර අඹන්පොල ඇහැටුවැව මාර්ගයේ රැගෙන ගොස් ඇත. කෑගසන්නට උත්සාහ කළ සිසුවියට මරණ තර්ජන එල්ල කර තිබෙන අතර මේ අතරවාරයේ සිසුවිය කැලෑ ප්‍රදේශයකට රැගෙන යාමට උත්සාහ කර ඇත. කෙසේ නමුත් මෙම අවස්ථාවේ සිසුවිය දන්නා දහම් පාසල් මිතුරෙකු ඇය දැක විමසිලිමත්වී ඇති බවත් අනතුරුව අවට සිටි අයටද දන්වා ඇයට උදව් කිරීමට උත්සාහ කර ඇතැයි පැවසේ.
පිරිස දැක බියට පත් යතුරු පැදිකරු ඇයව දමා පළාගොස් ඇති අතර පසුව පිරිස එකතු වී දැරියගේ පියා එම ස්ථානයට කැඳවා භාරදී තිබේ.
සැකකරු අල්ලාගැනීමට පොලිසිය මෙහෙයුමක් අරඹා ඇත.
0 Comments