කොළඹ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ පිහිටි පාසලකදී ලොලිපොප් වර්ගයක් කෑමෙන් පසුව මත්ව සිටි බව කියන බාලවයස්කාර සිසුන් තිදෙනකු සොයාගැනීමෙන් පසුව පොලිස් භාරයට ගත් ලොලිපොප් 26ක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් වෙත ඉදිරිපත් කිරීමට ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කටයුතු යොදා ගෙන යයි. මේවා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් වෙත යැවීමට හෙට (20) අධිකරණයට තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කර නියෝගයක් ලබා ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සිසුන් තිදෙනකු මත්වී සිටින බවට එම විදුහලේ විදුහල්පතිවරයා කළ දැනුම්දීමක් මත එම සිසුන් තිදෙනා සිකුරාදා (16) පොලිස් භාරයට ගෙන පරීක්ෂණයක් සඳහා කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු වෙත ඉදිරිපත් කෙරණි. මෙම ලොලිපොප් වර්ගය සිසුන් තිදෙනා මිලදී ගත් බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ වෙළෙඳසලක් ද සෝදිසි කර එම වෙළෙඳසලේ අයිතිකරුගෙන් ප්‍රශ්න කර හෙළිකරගත් තොරතුරු මත ඔහු මේවා මිලදී ගත් කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි තොග වෙළෙඳසලක් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සෝදිසියට ලක් කර
විදේශයකින් දෙන ලදැයි කියන 426 ක පමණ තොගයක් පොලිස් භාරයට ගෙන ඒවා වැඩිදුර පරීක්ෂණ සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිසියට ඉදිරිපත් කර තිබේ. මෙම වෙළෙඳසල් දෙකේ අයිතිකරුවන්ගෙන් ද මේ සම්බන්ධයෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments